Aaaah (2014) යකුන් සොයන ඔට්ටුව… [සිංහල උපසිරසි සමඟ]
ඔන්න මම ආයෙත් ආව කොහොමද ඔයාලට? හැබැයි මම එනකොට හිස් අතින් නම් නෙමෙයි ආවෙ. උනු උනු බය හිතෙන සුප්ප හොල්මන් ෆිල්ම් එකකුත් අරගෙනම තමා ආවෙ.හොල්මන් ෆිල්ම්ස් බලන කට්ටියට නම් මේ ෆිල්ම් එක එලටම හිතට අල්ලයි. මොකද ඒ තරමටම සුපිරි විදියට ෆිල්ම් එක හදල තියෙනව. ෆිල්ම් එක රිලීස් වෙලා වැඩි දවසකුත් නෑ..අයියෝ .... කියන්න දේවලුත් නෑ අප්ප. ඒ නිසා ෆිල්ම් එක පැත්තට පොඩඩ්ඩක් යමු.
කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් මෙතන සිද්ද වෙන්නෙ ඉස්සෙල්ල කිව්ව වගේම හොල්මන් සීන් එකක් තමයි. හැබැයි මෙතන හොල්මනම ඇවිල්ල මේ ගොල්ලන්ට කරදර කරන් නෑ.මෙයාල හොල්මන් හොයාගෙන ගිහිල්ල තමයි කරදරවල වැටෙන්නෙ. චෙරී, තමිල්, ස්න්ග්, කියන්නෙ හොද යාලුවො 3 දෙනෙක්.ඉතින් මෙයාල 3 දෙනා ස්කෝලෙන් පවත්වපු පාටි එකකට සහබාගිවෙනව.එතනදි තමා එයාලට ප්‍රොස්පර් කියල ඒ ගොල්ලන්ගෙ පරන යාලුවෙක්ව මුනගැහෙන්නෙ. ඒ යකා මහ අමුතු මිනිහෙක්. ඔයාලට ෆිල්ම් එක බලාගෙන යනකොට තේරෙයි. ඉතින් මේ ප්‍රොස්පර කියන එක්කෙනා මේ 3 දෙනාට කියනව එයාගෙ ගෙදරට එන්න කියල. ඔතනදි තමයි වැඩේ පටන් ගන්නෙ. වැඩේ කිව්වෙ මේ ගොල්ලන් අතරෙ ප්‍රශ්නයක් ගොඩනැගෙනව බූතයො ඉන්නවද නැද්ද කියල.අන්තිමට ප්‍රොස්පර් කියන එකා කියනව බූතයො කියන ජාතියක් නෑ, එහෙම හිටියොත් ඒ බව එයාට ඔප්පු කරල පෙන්නන්න කකියල. එදකොට තමිල් අහනව ඔප්පුකලොත් මොනාද දෙන්නෙ කියල.ප්‍රොස්පර් කෙලින්ම කියනව එයාගෙ දේපල වලින් බාගයක්ම දෙනව කියල.ඒත් තමිල් බැරිවෙලාවත් පැරදුනොත් ප්‍රොස්පර්ට ඕනි කරන්නෙ එයා ඉස්සර තමිල් එක්ක තිබබ ඔට්ටුවකින් පැරදිල තමිල්ට දුන්න පරන යමහ බයික් එක. මාර වැඩේ. මේ ගොල්ලන අන්තිමට මේ ඔට්ටුවට කැමති වෙනව, ඉතුන් මෙයාල රට වටේ ගිහිල්ල බූතයො හොයන්න පටන් ගන්නව. ඒත් මෙයාලට ඇත්තටම මොකද වෙන්නෙ? බූතයො මෙයාලට හම්බ වෙයිද? ඔට්ටුවෙන්මෙයාල දිනයිද? ඒ ඔක්කොම බලා ගන්න ඕනිම නම් මේ ෆිල්ම් එක බලන්න.
ෆිල්ම් එක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න
සිංහල උපසිරැසි මෙතනින් ගන්න
{මෙම උපසිරැසි මා විසින් බයිස්කොප් සිංහලෙන් අඩවිය වෙත් පිරිනැමූ මාගේම උපසිරැසි වේ.}



.png)
Post a Comment: