Kaaviya Thalaivan (2014) මදුරේ ශ්‍රී බාල ශම්මුදානන් දා නට්‍ය සභාව.. [සිංහල උපසිරැසි සමග]
කොහොමද යාලුවනෙ ඉතින් ඔයාලට? ගොඩ කාලෙකින් මේ පැත්තට එන්නත් බැරි වුනා. මන් නැතුව පාලුවෙන්ද හිටියෙ? :D මොන පාලුවක්ද නේ. දැන් අපිට කොච්චර උපසිරැසි නිර්මාණ කරුවො සෙට් එකක් ඉන්නවද? පාලුව යන්නත් එක්ක එයාල ඔය දෙන්නෙ ඔයාලට ඇති තරම් උපසිරැසි. හම්මේ... මන් ඇත්තෙන්ම
මේ දවස් ටිකේ උපසිරැසි යෙදුවෙ නැත්තෙ මන් දුර ගමනක් ගිය නිසා.. ඒ ගමන නම් මෙහෙම කියල නිම කරන්න බෑ. කියන්න ගියොත් මන් නතර කරන එකක්වත් නෑ. ඒ නිසා අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු.
මේ දවස් ටිකේ උපසිරැසි යෙදුවෙ නැත්තෙ මන් දුර ගමනක් ගිය නිසා.. ඒ ගමන නම් මෙහෙම කියල නිම කරන්න බෑ. කියන්න ගියොත් මන් නතර කරන එකක්වත් නෑ. ඒ නිසා අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු.
ඔයාලට මට තව දෙයක් කියන්න තියෙනව. අපේ සමීර සහෝ තමයි මට මේ ෆිල්ම් එකට කාල රාමුව සාදා දුන්නෙ. "ඔන්න මම සමීර අයියට මේ වෙලාවෙ සුභ පතනව එයාගෙ 100 වෙනි උපසිරැසි කරණයට... සහෝ තව ඕනි ආ.." මන් ඔයාලට කිව්ව නේද ලස්සන සිංදු වගයක් තියෙනව කියල. මම මේ චිත්‍රපටයට උපසිරැසි කර ගෙන යන කොටයි දැක්කෙ අපෙ සමීර අයිය මෙන්න මේ වගේ දෙයක් එක සිංදුවක මැද ලයින් එකේ ලියල තියෙනව.. (" end.( මේක නම් පට්ට සිංදුව. නියමෙට සබ දාන්න ඔන්න.") සමීර අයිය ගෙ ඒ වචන ටික හන්දම මම ඒ සෝන්ග් එකට උපසිරැසි යෙදුව. අනිත් ඒවටත් මම යොදල තියෙන්නෙ. හැබැයි මම සිංදු දෙකකට උපසිරැසි යොදන්නෙ ගියේ නෑ. මොකද ඒ වචන මට බැරෑරුම් වැඩී. ඒ වචන වල ගැබ් වෙලා තියෙන අර්තය මට තේරෙන්නෙ නෑ. :) එහෙනම් මන් කතාව නවත්තල ආයෙමත් කතාව පැත්තට යන්නම්.. :D
මේ චිත්‍රපටය අද්‍යක්ෂණය කරල තියෙන්නෙ Vasanthabalan. මෙයාගෙ ෆිල්ම් එකක් තමයි Angadi Theru කියන්නෙත්. ඒකත් මරු ෆිල්ම් එක. මම හිතනව ඒ ෆිල්ම් එකත් ඕ ගොල්ලන් සිංහල උපසිරැසිත් එක්කම බලන්න ඇති කියල. හම්.. ඒ වගේම මේ කතාවට IMDB රේටින් එක 8.0 ගානක් ලැබිල තියෙනව. චිත්‍රපටයට සංගීතයෙන් දායකත්වය සපයල තියෙන්නෙ අපි කවුරුත් හොදට දන්න ප්‍රවීන ගායන වේදියෙක් වගේම සංගීත අද්‍යක්ශකවරයෙක් ඒ වෙන කවුරුත් නෙමෙයි ඒ A.R. Rahman මහතා. ඔහුගේ සංගීතය නිසාම මේ චිත්‍රපටය තවත් ලස්සන වෙලා තියෙනව. ඒ වාගේම මේ ෆිල්ම් එක රූගත කර තියෙන්නෙ ඉන්දියාවේ කර්නාටක ප්‍රදේශයේ. හම්... එහෙනම් මම මෙහි චරිත ටික ඔයාලට හදුන්වල දෙන්නම්..
ගෝමතී නායගම් පිල්ලෙයි.. -මොහුත් මෙමෙ චිත්‍රපටයේ ප්‍රධාන නළුවෙකි. මොහුගෙ ඇත්ත නම Prithviraj Sukumaran.
තවතිරු සිවදාසු ස්වාමිදන්.. (සාමී) -මොහු මෙම චිත්‍රපටයේ ගුරුවරයාගෙ චරිතයෙන් තම රංගන දායකත්වය සපයයි. මොහුගෙ ඇත්ත නම Nasser.
ගානකෝකිලම් වඩිවාම්බලම්.. (වඩිවූ) -මැය මෙම චිත්‍රපටයේ ප්‍රධාන නිළිය වශයෙන් තම රංගන දායකත්ව සපයයි. මැයගේ ඇත්ත නම වන්නේ Vedika.
රන්ගම්මා.. -මැයද මෙමෙ චිත්‍රපටයේ ප්‍රධාන නිළියක් වශයෙන් තම රංගන දායකත්වය සපයයි. මැයගේ ඇත්ත නම වන්නේ Anaika Soti.
මන් ගොඩක් කියපු නිසා කතාව පොඩ්ඩක් කෙටියෙන් කියල දාන්නම්, ඇත්තෙන්ම කිව්වොතින් මම මෙහෙම කියන්නත් කැමති නෑ. මොකද මේ චිත්‍රපටය ඒ තරම් ලස්සනයි. මට බයයි මම කතාව කියල ඕය ගොල්ලන්ගෙ කුතුහල නැති කරයි කියල. :D
"බාල සම්මුදානන් දා නාඩගම් සභා" මෙන්න මේ නාට්‍ය සභාවෙන් තමයි කතාව පටන් ගන්නෙ. මේ නට්‍ය සභාව කරගෙන යන්නෙ සාමී කියන කෙනා. (එයා හොදම නාට්‍ය ප්‍රොෆෙසර් කෙනෙක්. හි.. හි..) ගෝමදීව මේ නාට්‍ය සභාවට ගෙනල්ල දාන්නෙ එයාගෙ තාත්ත. ගෝමදීගෙ තාත්ත ඇවිල්ල එයාව මේ සභාව දාල යන එක ගෝමදී මෙහෙම කියනව.
පූසා තමන්ගෙ පැටියව
දාල යනව වගේ,
මගේ තාත්ත මාව නාට්‍ය
කොම්පැනියක දාල ගියා.
ඔන්න ඔය විදියට තමයි ගෝමදී මේ සභාවට බැදෙන්නෙ. ඊට පස්සෙ නාට්‍යකට සභාවේ හැමෝම සහබාගිවෙන්න කෝච්චියෙ යන අතරෙ තමයි කාලිව හම්බෙන්නෙ. කාලි කෝච්චියේ හිගමන් ඉල්ල ඉල්ල ලස්සනට සිංදුවක් ගායනා කරනව. ඒ සිංදුවට ආස හිතිල සාමි කාලිව සභාවට බදවගන්නව. ඔන්න ඔහොම මේ දෙන්නම මේ සභාවට බැදෙන්නෙ. ඒත් ලොකු වුනාට පස්සෙ ගෝමදීට ඊර්ෂ්‍යාව ක් ඇති වෙනව කාලි ගැන. මොකද හැම තිස්සෙම සාමි කතා කරන්නෙ කාලිගෙ පැත්තට වර්ණනා කර නකොටත් සාමි වර්ණනා කරන්නෙ කාලිව. ගෝමතී ගැන එච්චරම මුකුත් නෑ. (ෆිල්ම් එක බලන් යද්දි තේරෙයි.) ඔය අතරට වඩිවු කියන ගෑන් ළමයෙක් ඇවිල්ල සභාවට බැදෙනව. (ඒ බැදෙන විදිය ඔයාලට බලාගන්න පුලුවන් ෆිල්ම් එක බලන් අතර තුරදි) ........
මම කතාව මෙතනින් කියන එක නවත්තනව. ඔය කතාවෙ මම ඕගොල්ලන්ට කිව්වෙ බාගයයි. මම් ඉස්සෙල්ල කිව්ව වගේ මම කතාව ඕගොල්ලන්ට කියන්න යන්නෙ නෑ. මොකද මට බයයි ඔයාලට කුතුහලයක් නැති වේවි කියල. එහෙනම් චිත්‍රපටය නරබල රස විදින්න...
තව දෙයක් මේ චිත්‍රපටයට තවම කිසිම භාෂාවකින් උපසිරැසියක් නිකුත් නොකර තිබූ අතර මෙය මා අසාලිවීමෙන් කළ උපසිරැසි ගැන්වීමක් වේ.!
එක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න.



.png)
Post a Comment: