M. Kumaran S/O Mahalakshmi (2004) ඔයා ඉපදුනේ දිනන්න. [සිංහල උපසිරසි සමඟ]
කෝමද සහෝදරයිනි? ඔන්න මන් ආයෙ ආව. එදා හොල්මන් =-Aaaah 2014-= ෆිල්ම් එකක් ගෙනාපු මම අද ගෙනාවෙ දුක හිතෙන, ෆයිට් තියෙන, සුපිරි ෆිල්ම් එකක්. (ෆයිට් කිව්වෙ කික් බොක්සින්ග් ඈ) නත්තන් ෆිල්ම් එක බලනකොට ඔයාල මට බැන බැන බලයි. (ඇත්තටම කිව්වොත් ටැමිල් ෆිල්ම් එකක අනිවාරෙන් පොඩි හරි රන්ඩුවක් තියෙනව. එහෙමත් නැත්තන් අනිවාරෙන් ඇන කොටා හරි ගන්නව. ඒව තමයි ෆිල්ම් කියන්නෙ මොකද එදකොට කිසි කම්මැලි කමකින් තොරව ෆිල්ම් එක බලන්න පුලුවන්නෙ. අපේ අම්මනන් කියන්නෙ එයා බලපු හැම තමිල් ෆිල්ම් එකකම රන්ඩුවක් තියෙනවලු, ඔයාල ත් බලල තියෙනවද එහෙම රන්ඩු වෙන් නැති ෆිල්ම් එකක්?) අයියයියෝ! මම කියවපු ගොඩක්, තව ටයිප් කරන්න ගියොත් මොනා ටයිප් කරයිද දන්නෑ. ඒ නිසා මම ෆිල්ම් එක ගැන පොඩ්ඩක් කියන්නම්.
මේ ෆිල්ම් එක නිෂ්පාදනය කරල තියෙන්නෙ 2004 වර්ශයෙ. 2004 වුනාට සුප්පට තියෙනව හොදේ. ෆිල්ම් එක අදයක්ශනය කරල තියෙන්නෙ M.Raja. මෙයත් ලස්සන් ෆිල්ම්ස් ගොඩාක් නිර්මානය කරපු සුපිරි අද්‍යක්ශවරයෙක්. ඔයාලට් මතකද Santhosh Subramaniyam ඒ ෆිල්ම් එකත් නිර්මානය කරල තියෙන්නෙ මෙයා තමයි. මේ ෆිල්ම් එකේ ප්‍රධාන නලුව වශයෙන් Jayam Ravi ද ප්‍රධාන නිලිය වශයෙන් Asin ද තම රන්ගනයෙන් දායකත්වය සපයල තියෙනව. ඇත්තටම මේ ෆිල්ම් එක ගොඩක් ලස්සනයි.
ෆිල්ම් එකේ විදියට අපේ වීරය හදුන් වන්නෙ කුමරන් කියල. ඒ වාගේම කුමරන්ගෙ අම්ම වෙන්නෙ ලක්ෂිමී. තව අපේ නිලිය මේ ෆිල්ම් එකේ මලබාර් කියන නමින් තමයි ආමන්ත්‍රනය කරන්නෙ. ඒකට කාරනය ඔයාලට ෆිල්ම් එක බලනකොට තේරෙයි.
ෆිල්ම් එක පටන් ගන්නේ කුමරන් පොඩි අවදියේදි එයාගෙ අම්මත් එක්ක චෙන්නායි වලට ඇවිත් කුලියට ගෙයක් අරගෙන නවතින තැනකින්. එතනින් පටන් ගත්ත දවසෙ ඉදල කුමරන්ගෙ තාත්ත නම් එයා ලග පේන්න ඉන්නෙ නෑ. මොකද එයාගෙ තාත්ත නැති නිසා. තත්ත ඉන්නව ඒත් කවුද කියල දන්නෙ නෑ, (ෆිලුම බලනකොට තේරෙයි.) කුමරන් ලොකු වෙනකොට කික් බොක්සින්ග් වලට ගොඩක් දක්ෂ වෙනව. බැරි වෙලාවෙවත් එයාගෙ තාත්ත ගැන මතක් කලොත් එයාට ගොඩක් තරහ යනව. ඒ තාත්ත එයාව පොඩි කාලෙ දාල ගිහිල්ල කියල එයා හිතන නිසා. හැබැයි අම්මනම් කවදාවත් කුමරන්ගෙ තාත්තට බනින්නෙ නෑ. පොඩ්ඩක් මේ දෙබස බලන්නකො.
කෑම කනකොට මොකටද අම්මෙ ඒ
මනුස්සය ගැන මතක් කරන්නෙ?
ඒ මනුස්සය ගැන කතා කරන්න එපා කියල
මම කොච්චර දවස් කියල තියෙනවද?
එහෙම කියන්න එපා.
මොනව වුනත් එයා ඔයාගෙ තාත්තනේ.
එපා.. බැදපු ගෑනිවයි, හදපු
ලමයවයි පාරෙ දාල ගියපු එකා,
ඔයාගෙ සැමියත් නෙමෙයි, මගෙ තාත්තත් නෙමෙයි.
එහෙම නෙමෙයි පුතේ, මමයි ඔයාගෙ
තාත්තයි කතා කරල........
දැන් ඔයාලට තේරෙනවද අම්ම නම් කවදාවත්ම තාත්තට බනින්නෙ නෑ. මොකක් හරි දෙයක් එතන හැන්ගිල තියෙනව. (ඒ ඇයි කියල ඔයාල ෆිල්ම් එක බලන ගමන් හොයා ගන්න පුලුවන් වෙයි.)
ඔහොම ඉන්නකොට කුමරන් අම්මත් එක්ක ගමනක් යනකොට එක පාරටම අම්මට ඔලුවෙ කැක්කුමක් හැදෙනව, දොස්තර ලගට ගියාම එයාට හදවත් අමාරුවක් තියෙනව කියල දැන ගන්න ලැබෙනව. ඒත් ඒක එච්චරම ගානක් නැතුව ඉන්නකොට අම්මට එක පාරටම ඒ ලෙඩේ හැදිල රෝහල් ගත කරනව, ඒත් තත්වෙ බරපතලයි. ඉතින් අම්මත් එක්ක මෙයා කතා කරන්න යනව. අම්ම ඉන්නෙ icu එකේ ඉතින් අම්ම අන්තිමට කියන්නෙ තාත්ත ලගට යන්න කියල, කොහොමද එහෙම වෙන්නෙ ඇත්තටම කුමරන්ගෙ තාත්ත ඉන්නවද? ඒත් එයා ලගට මෙයා යන්න කැමති නෑ, අම්ම කියපු නිසා නොගිහින් ඉන්නත් බෑ, මෙයා තාත්ත ලගට යයිද? මෙයාගෙ තාත්ත කවුද? මෙයාගෙ ආදරෙ. මොකද්ද අඩේ ඒකට වෙන්නෙ? මම කිව්වෙම නෑ ඒ ගැන, ඒක ඔයාල ෆිල්ම් එක බලලම බලා ගන්න. ඇත්තම කියනවන්ම් යාලුවනේ මේ ෆිල්ම් එක ලස්සනයි, ඒ වගේම අම්ම මැරෙන වෙලාවෙ මගෙ ඇහැට මටත් නොදැනිම කදුලු ආව. ඔයාලත් ඔයාලගෙ අම්මට ඇත්තටම ආදරෙයි නම් අනිව ඇසට කදුලු එනව. මේ ටික බලන්නකො පොඩ්ඩක්.....
අම්මේ.... මව බලන්න අම්මේ. / මාව බලන්න අම්මේ..
ඔයා නැතුව ජීවත් වෙන්න බෑ අම්මෙ. / අම්මෙ මාව අනාතයෙක් කරල යන්න එපා.
අම්මෙ මාත් එක්ක මොනාහරි කතා
කරන්න, ඔයා නැතුව මට ඉන්න බෑ. / අම්මෙ ඔයාට වැදල කියන්නම්.
ෆිල්ම් එක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න
උපසිරැසි මෙතනින් ගන්න
{මෙම උපසිරැසි මා විසින් බයිස්කොප් සිංහලෙන් අඩවියට පිරි නැමූ මාගේම උපසිරැසි වේ.}




.png)
Post a Comment: