Aranmanai (2014) ඒ මොහොත උදාවෙනකන් හැමෝම පරිස්සමෙන් ඉන්න.[සිංහල උපසිරසි සමඟ]
ඉතින් කොහොමද යාලුවනෙ ඔයාලට? අද නම් සුප්පම සුප්ප දවසක් ඈ.. මොකද දන්නවද අද පෙබරවාරි 4 වෙනිද. අපේ චූටි දිවයිනේ නිදහස් දිනේ. එහෙම නේද? හම්.. මොන නිදහස තිබ්බත් මට නම් අද නිදහසක් නෑ. මොකෑ අපේ තාත්ත අද ගෙදර ඉන්නෙ. එයාගෙ කටේම තියෙන්න පාඩම් කොරපන් පුතේ.. පාඩම් කොරපන් පුතේ කියන වචනෙ තමයි.. (මන් දන්න තරමට ඕක තමයි එයාගෙ කටේ තියෙන මට කියන්න පුලුවන් එකම වචනෙ ) ( ඒ වුනාට මම තාත්තට ආදරෙයි. :D ) හරි හරි.. අද වැදගත් දිනයක් නිසා මන් මේ කිව්ව පච ටික නවත්තල :D ඔයාලට අපේ මේ පුංචි මැනික් කැටේ ගැන වැදගත් තොරතුරු ටිකක් කියන්නම්.(මැනික් කැටේ කිව්වෙ අපේ අම්මට සමාන අපේ පුංචි දිවයිනට හොදේ.)
අපේ ශ්‍රී ලංකාවේ පිහිටීම උතුරු අක්ෂාංශ 50 551 - 90 511 හා නැගෙනහිර දේශාංශ 790 421 - 810 521 අතර තමයි පිහිටා තියෙන්නෙ. ඒ වගේම ශ්‍රී ලංකාවේ විශාලත්වය වර්ග කිලෝ මීටර 65 610 වෙනව. (වර්ග සැතපුම් 25,332 ක්) භූමි ප්‍රමාණයේ උපරිම දිග කිලෝ මීටර 447 ක් වෙනවා. (උතුරු සිමාව පේදුරු තුඩුව වන අතර දකුණු සීමාව දෙවුන්දර තුඩුව වේ.) භූමි ප්‍රමාණයේ උපරිම පළල කිලෝ මිටර 210 වෙනව. (බස්නාහිර සිමාව කොළඹ වන අතර නැගෙනහිර සීමාව සංගමන්කන්ද තුඩුව වේ.)
ඔයාල දන්නවද? ශ්‍රී ලංකාවේ පිහිටීම මුල්ම වරට ලෝක සිතියමකට ඇතුලත් කරේ.. ක්‍රි. පූ. 2 වන සියවසේ දී. ඒ ක්ලෝඩියස් ටොලමි විසින්. ශ්‍රී ලංකාව හඳුන්වන නිල නාමය තමයි "ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය." ශ්‍රී ලංකාවේ පරිපාලන නගරය වෙන්නෙ ශ්‍රී ජයවර්ධනපුර - කෝට්ටේ. ඒ විතරක් නෙමෙයි ශ්‍රී ලංකාවේ ප්‍රධාන වානිජ නගරය වෙන්නෙ අපි කවුරුත් දන්න කොළඹ. ශ්‍රී ලංකාවට ආසන්නම රටවල් දන්නවද? වැඩිය නෑ අප්ප ඉන්දියාව යි මාලදිවයින යි තමයි.
තව දෙයක් දන්නවද? ශ්‍රී ලංකාව යි ඉන්දියාව යි වෙන්වන පටුම පටු මුදු තීරුව වන්නෙ පෝක් සමුද්‍ර සන්ධිය යි. තව රටවල් දෙකම වෙන් කරන පටුම තැන් දෙක වන තලෙයිමන්නාරම හා ධනුස්කොඩිය අතර දුර කිලෝමීටර 32 යි. (ඔන්න දැන් මට අපේ සදුන් අයියව මතක් වුනා. :D) ලංකාව වටා ඇති මුහුදු වෙරළේ දිග කිලෝ මීටර 1 771 යි. (ඒ කියන්නෙ සැතපුම් 1100) මන් හිතන්නෙ ඔය දැන ගත්ත ටික ඇති නේද යාලුවනෙ ඔයාලට? තව ටයිප් කරන්න ගියොත් මම ඔහේ ටයිප් කරගෙන යයි. ඒ නිසා මම දැන් පොඩ්ඩක් නෙමෙයි පොඩ්ඩක් පොඩියටම කතාව පැත්තට හැරෙන් නම්. :D
මේ කතාව අද්‍යක්ශනය කරල තියෙන්නෙ Sundar C. ඒ වගේම මේ කතාව ලියල තියෙන්නෙත් Sundar C. (මාරයි නේ?) ඒ වගේම මේ චිත්‍රපටය තිර ගත්ත වන්න ආරම්බ කරල තියෙන්නෙ 2014-09-19. (ගොඩක් පරක්කු වෙලානේ උපසිරැසි :( වලට? ) මේ චිත්‍රපටයේ රංගනයෙන් දායක වන නලු නිලියන් බැලුවෝතින් .. ප්‍රධාන චරිතය ඔස්සෙන් රවී යන නමින් Sundar C ද. අනිකුත් චරිත ඔස්සෙන් මුරලි යන නමින් Vinay ද. පාල්සාමි යන නමින් Santhanam ද. තම රංගන දායකත්වයෙන් රග පායී... (අප්පට සිරි මට ගැහැනු චරිත ටික කියන්න අමතක වුනා..) {හිස අත ගාමින් නැවත ඔහු ටයිප් කිරීමට සැරසෙයි} මේ මන් එක්කො කෙටියෙන්ම කියන්නම්.. සෙල්වි යන නමින් Hansika Motwani ද. මායා යන නමින් Raai Laxmi ද. මාදවී යන නමින් Andrea Jeremiah ද තම රංගනයෙන් දායක වෙයි.........
එහෙනම් මෙන්න මේකයි කතාව.. හොදින් බලාගන්න හොදේ හොල්මන් කතාවක් නොවැ මේක...
චිත්‍රපටය පටන් ගන්නෙ නම් තඩි ටැක්ටර් එකකින් මිනිස්සු කට්ටියක් පටවගෙන යන තැනකින්. ඒ ටැක්ටරේ යන්නෙ ඒ ගමේ ඉන්න ලොකු වැදගත් කෙනෙක්. එයා තමයි අයියනාර්.. (අප්පට සිරි උඩ චරිත සෙට් එකට දාන්න අමතක වුනා) එයා යන්නෙ එයාට බාර දීල ගියපු මංදීරේ සුද්ද කරන්න.. (ඔව් ඔව් ඕක තමයි ඔය මේ කතාවෙ එන හොල්මන් මංදිරේ..) ඒ යන අතරෙ එයාට හම්බ වෙනව ගමේ හෙන සෙට් එකක් එයාගෙ ඉස්සරහට එනව. ගමේ සෙට් එක කොහෙද යන්නෙ කියල මේ දෙබස් ටිකෙන් වැටහෙයි.
මොකද අයියන්නාරේ.. ලොකු සාමිව
බලන්න ගමම යනව, ඔයාල එන් නැද්ද?
කොහෙ එන්නද? මන්දිරයෙ කට්ටිය
එනව කියල ආරංචියක් ලැබුන.
එන කට්ටිය දවස් දෙක තුනක්
මන්දිරයෙම නැවතිල ඉදලලු යන්නෙ.
අවුරුදු 5ක් තිස්සෙ
වහල තියෙන ගෙදරක්නෙ.
ඒ නිසා තමයි සුද්ද කරන්න
මිනිස්සුත් එක්ක යන්නෙ.
ඔන්න දැන් ඔයාලට තේරෙන්නෙ ඇති අයියනාර් මොකටද ටැක්ටරෙන් මිනිස්සුත් එක්ක යන්නෙ කියලයි. ගමේ සෙට් එක සෙට් වෙලා කොහෙද යන්නෙ කියලයි. ඔය ඔතන කිය වුනු සාමිනම් හෙන බල සම්පන්නයිලූ.. ඒකනෙ ඔය ගමේ සෙට් එකම ලොකු සාමිව බලන්න යන්නෙ. එහෙනම් ආයෙ මම කතාව කියන්නම්.. { ටැක්ටරෙන් බැස ගත් මිනිසුන් මංදිරයේ දොර විවෘත කිරීමට සරසෙති. මංදිරයේ දොර විවෘත වූයේ මහා මූසල හඩක් සමගය} ඔන්න දැන් මංදිරේ දොර ඇරල කට්ටියම ඇතුලට ගිහිල්ල සුද්ද කරන්න හදනකොට මෙන්න මෙහෙම දෙයක් එයාල දැකල.
මහත්තයෝ.. මොකද අනේ මේ?
ගේ මැද්දෙ හුබහක් බැදල තියෙන්නෙ?
අවුරුදු 5ක් තිස්සෙ වහල තියෙන
ගෙදරක්නෙ, ඒ නිසා තමයි.
මෙ තැන පොඩ්ඩක්.. { බයෙන් වගේ යමක් කියන්නට සැරසුනේය }
-ඔයාත් මාරයි, ඒකයි මේකයි කිය කිය. බලන් ඉන් නැතුව ගිහිල්ල කඩල දාපල්ල
එයාල බය වුනේ ඔය හුබස දැකල. මාර වැඩේ ගේ ඇතුලක කොහොමද හුබසක් බැදල තියෙන්න පුලුවන්? ඒ ඇයි කියල දැන ගන්න ඕනි නම් ඔයාලට අනිව ෆිල්ම් එක බලන්නම වෙනව.
ඒ අතර ලොකු සාමිව මුන ගැසීමට ගිය ජනයා සාමිට ඇරයුම් කරයි තම ගම්මානයට ඇවිත් යන ලෙස. නමුත් සාමී කියන්නේ ඔහුට වෙනත් ස්තානයක වැදගත් රාජ කාරයක් ඇති බැවින් ඔහුට ගමට එන්න බැරි බවයි. ඒ අවස්තාවේ දී ගමේ ප්‍රදානියා සාමිගෙන් මෙසේ ඉල්ලීමක් කරයි.
ගම ඇතුලට තමයි ඔබ තුමා යන්න එන්නෙ නැත්තෙ,
ඔබ තුමාගෙ කකුලක්,
හරි අපේ ගමේ පස් වල ගෑවුනත් ඒකත්,
පුන්‍යකර්මයක් සාමී.
සාමී ගම් ප්‍රදානියාගෙ කීම අහක දැමීමට නොහැකි නිසාවෙන් කෝච්චියෙන් එලියට පය තැබීමට සාමී සැරසුනේය. { නමුත් අනිත් කොනේ.. එනම් මංදිරේ වැඩ කරන සේවකයින් හුබහ කැඩීමට සැරසී.. එක පහරක් හුබහට ගැසීය.. එවිට හුබහෙන් මතු වූයේ තද වන් පාට රුධිරයක්‍ය. නමුත් ඔවුන් සිතුවේ ඒ හුබහේ සිටි නයෙකුගේ ලේ යන්නය.} සාමි කකුල තැබීමට සැරසෙනවාත් සමග සාමීට යම් යම් රූප පෙනෙන්නට විය.. ඒව අසුබ දර්ශන විය. සාමී ගමේ පසට පය තැබුවේ නැත. කොච්චියත් යන්නට සැරසුනේයි. ගමේ සෙට් එක පුදුම වී සාමි දෙස බලා සිටියේය. එවිට ඔහුගෙ කටින් පිට වූයේ මෙපමනකි..
ඔයාලගෙ ගමට මම එන්න ඕනි වෙලාව,
ඉක්මනටම උදා වෙන්න යන්නෙ,
ඒ වෙනකන් හැමෝම හරි
පරිස්සමෙන් ඉන්න.
{සාමී එසේ කිව්වාට පසු කැමරාවේ කාඡය නැවතත් මංදිරය දෙස වේගයෙන් ලගා වෙයි. ඒ ලගා වූයේ වෙන කොහේ ටවත් නොවේ කලින් කියූ හුබහ දෙසටයි. එයින් මාද මවිතයට පත් වී තරමක් බිය වූයේ ය. එනම් හුබසින් ලේ තැවරුන් මිනිස් අතක් එලියට විත් නැවතුනේය. \ඒත් සමගම මගෙ හද ගැස්මත් වැඩි වීමට පටන් ගත්තේ ය../}
මින් ඉදිරියට සිදු වන සෑම අත්බූත සීන් එකක්ම නැරබීමට මම ඔබලාට බාර දෙමි. තවද මේ මංදිරේ වැඩ කාරියගේ දියනිය කාත් එක්කදෝ නිතරම කතා කරයි. ඇයගෙන් ඇසූ විට ඇය කියන්නෙ මම සෙල්වි අක්කාත් සමග කතා කරනවායි කියාය. මේ මංදිරය කුමක්ද? කාගේද? කාගෙද මේ හුබසින් එලියට දිස් වුනු ලස්සන අත් බූත අත? මංදිරේ ඇත්තටම සිදු වන්නෙ මොකද්ද? රෑට අඩන කෙනා කවුද? දවල්ට පොඩි එකී කතා කරන සෙල්වි අක්ක කියන ඇය කවුද? ඒව සියල්ල බැලීමටනම් ඔබලාට මේ චිත්‍රපටය අනිවා නැරබීමට සිදු වේ..........
තවත් චිත්‍රපටයකින් හමු වන තුරු මම ගොසින් එන්නම්.. යන ගමන් කොමේන්ට් එකක් කොටා ගෙනම යන්න.. නැත්තන් මේ මංදිරේ හිටපු සෙල්වි ඔහෙලෑ හෙදරට එයි රෑ කෑම කන්න.. බායී..
අප උපන් මවු බිමට වාගේ ම මේ බයිස්කොප් එකටත්, මටත්, මගෙ සහෝදර කැලටත් ජය වේවා...! ජය වේවා...! {ඇස් දෙකට කදුලු උනමින්}



.png)
Post a Comment: