Isai (2015) මේක මගේ සංගීතය.. මගේම සංගීතය.. මම තමයි සංගීතය !! [සිංහල උපසිරසි සමඟ]
ඔන්න සහෝලා ගොඩ කාලයකින් නියම ටැමිල් ෆිල්ම් එකක් අරගෙන අව.. ෆිල්ම් එක නම් පට්ටම පට්ට.. නියම අක්ක කෙනෙකුත් ඉන්නව නොවැ මේ ෆිල්ම් එකේ.. :D ලස්සනේ බෑ.. ඇස් වහ වදීද දන්නෙ නැහැ.. :D හරි හරි මන් මේ දවස් ටිකේම ලොකු ප්‍රශ්නයක හිටියෙ.. ඒ මොකද්ද කියල මන් වත් දන්නෙ නැහැ.. ඔයාලට කියන්න තව දෙයක් තියෙනව.. අපේ සයිට් එකේ හොද අයිය කෙනෙක් ඉන්නව.. එයානම් ගොඩක්ම හොදයි අප්පා.. (ඒ කිව්වෙ නෝටි කෙනෙක් කියල.. :p) වැඩේ කියන්නෙ නම කියන්න බෑ.. කිව්වොත් තරහ වෙයි.. :D .. හම්... වැඩි කතාවක් නම් අද කරන්නෙ නැහැ.. මොකද මේ සබ් එක කොරේ නිදි මරාන.. පට්ට නිදිමතයි යකඩෝ මට.. :( ඒ නිසා මගෙ යාලුවන්ට මන් මේ ෆිල්ම් එකේ කතාව ඉක්මනට කියල ඉක්මනට නිදියගන්න යන්නම්.. :D .. තව දෙයක් මේ මගේදහවෙනි උපසිරැසි කරනය.. ඒකත් මන් විසින් අහගෙන කරපු අසා ලිවිමක්.. අද නම් මට ගොඩක් සතුටුයි.. මොකද මන් මේ අපේ සයිට් එකට ඇවිල්ල උපසිරැසි දහයක් කළා කියන සතුට.. ඔන්න එහෙනම් කතාව කිව්වා...
මේ ෆිල්ම් එක තිරගත වෙන්න අරම්බ කරල තියෙන්නෙ මේ අවුරුද්දේ ජනවාරි තිස් වැනිද.. මේ ෆිල්ම් ක අද්‍යක්ෂනය කරල තියෙන්නෙ Surya S.J. එදකොට කතාව ලියල තියෙන්නේ Surya S.J. (මූ යකාගෙ පොරක්නේ? හි.. හි..) හරි.. දැන් මන් කියන්න යන්නෙ කවුද මේකෙ රංගනයෙන් දායක වෙලා ඉන්නෙ කියල.. ප්‍රධාන චරිතය රග පාන්න.Surya S.J. (මෙතනත් මේක :D) ප්‍රධාන නිළියට රග පාන්නෙ Sulagna Panigrahi.. (පට්ට ලස්සන කෙල්ල..) එදකොට මේ චිත්‍රපටයෙ හතුරට රගපාන්නෙ Satyaraj. මෙයාලගෙ චිත්‍රපටයේ නම් වන්නෙ මේව.. ප්‍රධාන චරිතය රගපාන Surya S.J. ඒ. කේ. ශිවා යන නමින්ද.. ප්‍රධාන නිළියට රග පාන Sulagna Panigrahi යන ලස්සන අක්ක ජෙනී යන නමින්ද.. හතුරට රග පාන Satyaraj වෙට්‍රිසෙල්වම් යන නමින්ද හැදින්වෙනව.. හරි.. දැන් කතාව කියන්නම්.. එහෙනම් මන් මෙහෙම පටන් ගන්නම්..
ජයග්‍රහණය.! සෑම මිනිසෙකුම, ඉල්ලා සිටින වරප්‍රසාදයක්. ඒක වෙනුවෙන්... අම්මා., දුව., බිරිද., මිනිසුන්. අනිකුත් දේවලුත්., මිනිසා විසි කරල දාන්න සුදානම්. ඇයි.. සමහරක් වෙලාවකට තමාව පවා ඒ ජයග්‍රහණය උදෙසා නැති කරගන්න සුදානම්. මෙහෙම තමාවම නැති කර., ලබා ගත් ජයග්‍රහණය. තව කෙනෙකු එය ලබාගෙන යද්දී කොහොම වේදනාවක් ඇති වේවිද?එ වේදනාවට., කිසිම වෛද්‍යවරයෙක්ට බෙහෙතක් දෙන්නත් බෑ. කිසිම බෙහෙත් කඩේකවත් බෙහෙතක් ඇත්තෙත් නෑ.. තමාම ඒ වේදනාවට මුහුන දීල., විදවල, සන්සුන් කරලා.. සතුටින් ජීවත් වන්න ඕනි. එක විදියකින්බැලුවෝතින් මෙය වේදනාවක් නොවේ.. පාරක්., තව කෙනෙකු අපිට ලබා දුන් පාර.. අපි තව කෙනෙකුට ලබා දෙනව එච්චරයි.. සංගීත ලෝකය., සංගීත ලෝකයම., අවුරුදු තිහක් පුරාවට ම රදවාගෙන සිටි සංගීතවේදී වෙට්‍රිසෙල්වම් ගේ තැන. ලුතින් පැමිනි, සංගීතවේදී ඒ. කේ. ශිවා.! අවුරුදු දෙකකින් ඒ තැන ලබා ගත්තා..තමන් නැති කරගත්ත තැන, තමන්ට නැවතත් ඕනි කරන නිසා.වැරදි පාරකින් හෝ ගොසින් තමන් නැති කරගත්ත ජයග්‍රහණය ලබා ගැනීමේ අරමුනින්., වෙට්‍රිසෙල්වම් තමන්ගේ වෛරය ආරම්භ කරයි..
ඇත්තෙන්ම කවුද මේ ඒ. කේ. ශිවා..? වෙට්‍රිසෙල්වම් ඇයි මෙයත් එක්ක මෙච්චර තර..? වෙට්‍රිසෙල්වම් නැති කරගත්ත තැන ආපහු එයාට ලැබෙයිද? මෙයා මොකද්ද ඒකට යොදන සැලැස්ම.? ඒක හරි යාවිද? අන්තිමට මොකක් වේවිද? මේ හැම ප්‍රශ්නයකටම උත්තරේ බලා ගන්න ඕනි නම් අනිවාර්යයෙන් ඔයාලට මේ ෆිල්ම් එක බලන්න වෙනව.. එහෙනම් මම ගොහින් එන්නම්.. ආයෙ ඉක්මනටම එනව.. තවත් ටැමිල් ෆිල්ම් එකකින්.. එදකන් ජය වේවා..
කාල රාමුව සාදා ගැනීමට තම සහයෝගය දැක්වූ සමීර අයියාටත්.. මටත් ගොඩක් ස්තූතී.!!
ආ තව දෙයක් හැමොම ෆිල්ම් එක අවසානයෙ හීනයකින් නැගිටින්න බලාපොරොත්තුවෙන් ඉන්ඩෝ.. මම ගියෝ.. ජය වේවා.!!
ෆිල්ම් එක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න

සිංහල උපසිරැසි මෙතනින් අර ගන්න
{මෙම උපසිරැසි මා විසින් බයිස්කොප් සිංහලෙන් අඩවියට පිරි නැමූ මාගේම උපසිරැසි වේ.}


.png)
Post a Comment: