Kaaviya Thalaivan Movie Vaanga Makka Song [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න යාලුවනෙ මන් හා හා පුරා කියල අලුත් වැඩැක් පටන් ගත්ත කරන්න.. මන් ඔයාලට මේ ගෙනාවෙ මගේ අලුත්ම වැඩේ.. කෙටියෙන් කියනව නම් මේකත් උපසිරැසි සම්බන්ද වැඩක් තමයි.. ඉතින් මන් දන්නව ඔයාල ගොඩක් ටැමිල් ෆිල්ම් බලනව කියල.. ඉතින් ඔයාල බලන සමහරක් ෆිල්ම් වල නම් සිංදු වලට සිංහල උපසිරැසි දාල නෑ.. එදකොට ඉතින් ඔයාල ආස කරන සිංදුවක් තිබ්බොතින් ඒක බලන්න විදියක් නෑ.. මොකද අපි හැමෝම දෙමල දන්නෙ නෑනේ.. අන්න ඒ නිසා මන් මේ වැඩේ පටන් ගත්ත.. වැඩේ වැඩේ කියනව මොකද්ද වැඩේ කියල කිව්වෙ නෑනේ.. ඒක තමයි දමිල සිංදුවලට සිංහල උපසිරැසි දාන එක.. දැන් නම් ඉතින් ඔයාලට දමිල සිංදු සිංහල උපසිරැසිත් එක්කම බලන්න පුලුවන්.. තව ඔයාලට මේ වගේ ඔයාල ආස කරන සිංදු තිබ්බොතින් මට කියන්න.. මන් ඒවටත් උපසිරැසි දාල දෙන්නම්.. හම්.. ඉතින් යාලුවනෙ.. මන් මේ උපසිරැසි දැම්මෙ ඔයාල කවුරුත් දන්න youtube වෙබ් සයිට් එකට.. ඉතින් ඔයාල වීඩියෝ එක ප්ලේ කරල උපසිරැසි ඔන් කරගන්න වෙනව.. (දැන් බලනව ඇති ඒ කොහොමද කියල..) ඉන්න මන් ඒකත් කියල දෙන්නම්.. ඔයාලට පේනවද මන් මේ යටින් දාල තියෙන පික්තූරය..
ඉතින් මේ පිංතූරෙ ඔයාලට පේනව ඇති කහ පාටින් CC කියල අකුරු දෙකක් කහ පාටින් පාට කරල තියෙනව.. ඉතින් වැඩේ හරි සරලය.. මන් දීල හියෙන වීඩියෝ එක ප්ලේ කරපුවාම ඕගොල්ලන්ට කරන්න හියෙන්න ඔය මන් කියපු අකුරු දෙක ප්‍රෙස් කරන්න.. ඊට පස්සෙ ඔයාලට සිංහල උපසිරැසි යනව පෙනෙයි... එහෙනම් මන් හිතනව ඔයාල මගේ මේ ලුත් වැඩෙන් සතුටු වෙයි කියල.. එහෙනම් මන් යනව.. ඔයාලට සුභ දවසක් යාලුවනේ..
සිංහල උපසිරැසි ලබා ගැනීමට CC යන ලකුණ ඇති බට්න් එක ප්‍රෙශ්කරන්න
