Sunday, April 12, 2015


ඔන්න යාළුවනේ දෙන්න යන්නෙ ඔයාලට මම සුපිරි භාණ්ඩයක්.. පොඩි බුලට් එකක්.. ගොඩ දෙනෙක් මේ ෆිල්ම් එකට බලාගෙන හිටිය කියල මට ආරංචී.. හි හි.. ඔන්න එහෙනම් දැන් සිංහල සබ් එකත් එක්කම බලන්නකෝ... සබ් කලින්ම දෙන්න හිටියෙ.. ඒත් පොඩි වැඩ වගයකට හිර වෙලා හිටියෙ.. මොනා කරන්න්ද.. හම්.. ඔයාලට සබ් එක දෙන්න ඕනිම නිසා.. මන් නිදි මාරනම වැඩේ කොරල දැම්ම.. සබ් එක දාල ඉවරවෙනකොට. පාන්දර එකයි ගානක් වෙලාව.. ඊට පස්සෙ ඕනි පට්ට සතුටුයි.. වැඩේ ඉවරයිනේ... ඉතින් යාළුවනේ වැඩිය දොඩවන්න නම් යන්නෙ නෑ අද.. නිදි මතය යකඩෝ මට.. ඒ නිසා මන් කතාව ගැන කියන්නම්.. 

ෆිල්ම් ක අද්‍යක්ශනය කරල තියෙන්නේ.. R.S. Durai Senthilkumar. ඒ වගේම කතාව ලියල තියෙන්නේ Pattukottai Prabhakar සහ R.S. Durai Senthilkumar යන මේ දෙන්නම් තමයි.. (දෙන්නෙක් ලිව්ව නම් අනිව ලස්සනටම තියෙන්නෙ ඕනි.. අදහස් වෙනස් වෙනවනෙ) චිත්‍රපටයෙ ප්‍රධාන නළුවට ඉන්නෙ අපි දන්න... අලුත් නළුවෙක් වන Siva Karthikeyan.. නිළියට ඉන්නෙ පොඩ්ඩක් පරණ නිළියක් වුනත් පට්ට ලස්සන Sri Divya.. හැම ෆිල්ම් එකකම වගේ මේ චිත්‍රපටයටත් විල්ලන් කෙනෙක් ඉන්නව.. හි හි.. හතුරෙක් හතුරෙක්.. මිනිහට ෆිල්ම් එකේදි කියන්නෙ දොර කියල.. (ඔය අරින වහන දොර නෙමෙයි ඈ..) ඒ නම ඔන්න පටල ගන්න එපා.. :) ආ.. එයාගෙ නම Vijay Raaz. ඔන්න මන් එහෙනම් කතාව කියන්නම්..

මදිමාරන් කියන්නෙ සාමන්‍ය කොස්තාපල්වරයෙක්... ඒත් එයාට ඕනි ඉන්ස්පෙක්ටර් කෙනෙක් වෙන්න.. (ඒ ඇයි කියල දැන ගන්න පුලුවන් කතාව බලාගෙන යද්දී..) ඉතින් මෙයාගෙ පොලීසියෙ ඉන්ස්පෙක්ටර් මෙයාලට ලොකු ලොකු කේස් මුකුත් කරන්න දෙන්නෙ නෑ.. ප්‍රශන එන නිසා.. ඉතින් මදිමාරන්ට හැම වෙලාවෙම ඕනි කරන්නෙ ලොකු ඒස් එකක් අල්ලල ඉන්ස්පෙක්ටර් කෙනෙක් වෙන්න.. ඔය අතරෙ එයාගෙ පොලීසිය ලග තේ කඩේක කුලියට වැඩ කරන්න ආපු පොඩි කොල්ලෙක් ඉන්නව.. එයත් එක්ක මදිමාරන් හරි යාළුයි.. මේ කොල්ලගෙ වැඩේ ගුවන් යානා කොල කප කප ඒව පොතක අලවන එක.. දවසක් මේ කොල්ල පාර පනිනකොට අහසින් ගුවන් යානාවක් යනව.. කොල්ල එක බලාගෙනම පාර පනිනකොට බයික් කාරයෙක් එයාව හප්පගෙන යනව.. ඉතින් අපේ මදිමාරන්ට මේක හෙන දුකක්.. මෙයාව ගිලන් රථයක දාගෙන ඉස්පිරිතාලෙට ගියාට පස්සෙයි දැන ගන්න ලැබෙන්නෙ.. මෙයාගෙ මොලේ මැරිල බව.. ඉතින් ඔයාල දන්න නේ මොලයක් මැරුනෝතින් ඒ ජීවිතය වැඩැක් නෑ කියල.. ඉතින් ඩොක්ටර් කියනව ජීවිතේ බේර ගන්න බෑ.. ඒ කොල්ලගෙ ශරීර කොටස් පූජා කරන්න තමයි වෙන්නෙ කියල.. ඊට පස්සෙ මදිමාරන්ට මෙතන සැකයක් ඇති වෙන්න පටන් ගන්නවා.. (ඒ කොහොමද කියල ඔයාලට තේරෙයි.) බලන් යනකොට මේක ශරීර කොටස් විකුනන ව්‍යාපරයක්.. ඒ ව්‍යාපාරය කරන්නෙ දොරෙයි කියන කෙනා.. කොහොම හරි මදිමාරන්ට ලොකු කේස් එකක් තමයි මේ හම්බුනේ.. දැන් ඔයාලට බලන්න වෙන්නෙ.. මදි මාරන් කොහොමද මේ කේස් එක කරගෙන යන්නේ.. එයාට එන ප්‍රශ්න මොනාද? කවුද මේ දොරෙයි කියන කෙනා.. ශරීර කොටස් මොකටද විකුනන්නේ.. සාමන්‍ය කොස්තාපල් වරයෙක්ට මේ හැම දෙයක්ම කරගන්න පුලුවන් වේවිද යන එකයි.. ආ කියන්න අමතක වුනා.. අපේ මදිමාරන් කෙල්ලෙක් එක්ක යාළුවෙනවා.. ඒත් ඒ ගෙදර අයට පොලිසිය අයට කැමති නෑ.. මදි මාරන් මේකටත් ක්‍රමයක් හොයා ගන්නව.. ඒකත් ඔයාල ෆිල්ම් එක බලලම දැන ගන්න.. හාස්‍ය පිරිනු මේ ෆිල්ම් එක බලන්න කියල මම හැමෝටම ආරාධනා කරන ගමන් මන් ගියා..

ඉතින් මන් මේ සබ් කලේ අසාලිවීමෙන්.. කොහොම වුනත් සබ් එක ඉක්මනට දෙන්න සහයෝගය දක්වපු නුවන් හන්සක සහෝවත් ආදරයෙන් සිහි පත් කරනව.. එහෙනම් මන් ගියා.

ඉතින් මන් මේ සබ් කලේ අසාලිවීමෙන්.. කොහොම වුනත් සබ් එක ඉක්මනට දෙන්න සහයෝගය දක්වපු නුවන් හන්සක සහෝවත් ආදරයෙන් සිහි පත් කරනව..

ලබන්නාවූ අලුත් අවුරුද්ද මගේ හැම යාළුවෙකුටම සාමය සෞභාග්‍යය සපිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවායී කියල මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. 

මන් ගියෝ.. බයිස්කොප් එකට ජය වේවා.. අලුත් උපසිරැසියකින් නැවත් හමුවෙමු.!!



ෆිල්ම් එක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න

සිංහල උපසිරැසි මෙතනින් අර ගන්න


{මෙම උපසිරැසි මා විසින් කර බයිස්කොප් සිංහලෙන් අඩවියට පිරි නැමූ මාගේම උපසිරැසි වේ.}









Post a Comment:

Designed By Blogger Templates | Templatelib & Distributed By Blogspot Templates