හැමදාමත් අලුත් චිත්රපට වලට සිංහල උපසිරැසි ලබාදෙන බයිස්කොප් අඩවියට උපකාර කරමු..
ඉස්සෙල්ලම මම දුක් වෙනව අපේ සයිට් එකට මෙහෙම වුනු එක ගැන.. මන් හරිම ආදරේ කරන සයිට් එකක් තමයි බයිස්කොප් සිංහලෙන් සයිට් එක.. මාව මගෙ යාලුවන්ට පෙන්වල දුන්නු., හැමෝම මාව හදුනන තැනකට ගෙනාපු මගේ නමට අලුත් නමක් යොදල මාව දිරි ගන්වපු හොද මිත්‍රයෙක් තමයි බයිස්කොප් සිංහලෙන් සයිට් එක.. ඉස්සර මාව කවුරුවත් හරි හැටි දන්නෙ නෑ.. කොටින්ම කිව්වොත් මන් මාවවත් දන්නෙ නෑ.. එහෙම හිටපු මාව RAJ කියන නමට තවත් කෑල්ලක් එකතු කරල SNAKE RaJ කියන නම මට ගේන්න පුලුවන් වුනේ මේ සයිට් එක නිසයි.. ඒ විතරක් නෙමෙයි ලෝකයේ ඔනෑම භාෂාවකින් චිත්‍රපටයක් පැමිනියොත් ඒ චිත්‍රපටයට සිංහල උපසිරැසි දවසක් ඇතුලතත් දෙන්නෙ අපේ සයිට් එක.. ඉතින් ලංකාවෙ ගොඩ දෙනෙක් ආස කරන මේ සයිට් එකට නොසිතූ විලසින් මාරයෙක් ඇතුල් වෙලා තියෙනව... ඒ තමයි මුදල් මාරයා... ඉතින් මේ මුදල් මාරයා නිසා සයිට් එකට ගොඩක් ප්‍රශ්න ඇවිදින් තියෙන්නෙ.. ඒ මොනාද කියල බයිස්කොප් FACEBOOK පිටුවේ පල වුනු මේ කාරණාවලින් ඔයාලට තේරුම් ගන්න හැකි වේවි...
"බයිස්කොප් www.baiscopelk.com කියන්නේ ඔබ වෙබුවෙන් අවුරුදු ගණනක සිට නොමිලේම සිංහල උපසිරැසි ගෙනා ආපු වෙබ් අඩවියක්. නමුත් දැන් ඔවුනට නැවතීමේ තිත තැබීමට සිදුවී ඇත්...
බයිස්කොප් වෙබ් අඩවිය ගැන හැමෝම මේ දිනවල අහන දේ තමයි ඇයි වෙබ් අඩවිය වැඩ නැත්තෙ කියල..?. ඉතින් මේ දිනවල වෙබ් අඩවිය වැඩ නැත්තේ වෙබ් අඩවිය පවත්වාගෙන යාමට මාසෙන් මාසෙට අදාළ සර්වර් එකට ගෙවන මුදල ගෙවාගත නොහැකි වීමයි, අද දින වන විට මාස 3ක හිග මුදලක් ගෙවීමට නියමිතව තිබුනත් අදාළ මුදල අපහට ගෙවීමේ අපහසුතාවයක් ඇත,
වසර ගණනාවක් නොමිලේ කිසිදු දැන්වීමක් වත් යොදා නොගෙන සම්පුර්න නොමිලේ ක්‍රියාත්මක කලත් අවසානයේදී දැන්වීම් දැමීමට අප අදහස් කලේ මෙම මුදල් ගෙවීමේ අපහසුතා නිසයි,
නමුදු එම දැන්වීම් වලටද අපහට හොද ප්‍රතිචාර ලැබුනේද නැත, එනිසා අවසාන වෙබ් අඩවිය නැවතීමේ මාවත දක්වා අද අප පැමිණ තිබේ , දයාබර හිතවත අප වෙබ් අඩවියට දිනකට හෝ ඔබ ආදරය කලේද මේ ඔබගේ සහය අප පතන වෙලාවයි , ඔබට හැකි පමණින් අපහට ආධාර කරන්න,
Commercial Bank Acc No - 8135011207
Acc Name - Tharindu Darshana Wickramasighe
Branch - Karapitiya Branch
වැඩි විස්තර දැන ගැනීමට අමතන්න 0727153041
බයිස්කෝප් වෙබ් අඩවියට ආධාර කිරීමට Ez Cash පහසුකම් සලසන ලදී, 0773721724 යන අංකයට ඔබගේ ආධාර එකතුකර වෙබ් අඩවිය ඉදිරියටත් පවත්වාගෙන යාමට සහය දක්වන්න , තුති! "
|| බයිස්කෝප් ෆේස්බුක් පිටුව - https://www.facebook.com/baiscopelk ||
|| බයිස්කෝප් වෙබ් අඩවිය - http://www.baiscopelk.com ||
මන් ඔයාලගෙන් ඉල්ලන්නෙ ඔයාලටත් පුලුවන් ආකාරයෙන් සුලු මුදලකින් හරි උදව් උපකාරයක් කරන්න කියල.. මොකද ඔයත් එක දවසක් හරි සයිට් එකෙන් චූටි හරි සතුටක් විදගන්න ඇති නේ.. සිංහල උපසිරැසිත් එක්ක චිත්‍රපටයක් බලල.. හම්.. එහෙනම් මේ දුක් මුසු කතාවෙන්ම මන් නවතිනව.. හැම දාමත් මම කියනව වගේ බයිස්කොප් එකට ජය වේවා..!!..

