Goli Soda All your duty song [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න යාලුවනේ මන් තවත් ලස්සන සිංදුවකට සිංහල උපසිරැසියක් අරගෙන ආව.. චිත්‍රපටයෙ නම නම් ගෝල් සෝඩ.. දෙදාස් දාහතරෙ ඉන්දියාවෙ ළමයින් අතරෙ සහ මිනිසුන් අතරෙ මේ සිංදුව හොදින් ජනප්‍රිය වෙලා තියෙනවා... තව දෙයක් මන් චිත්‍රපටයත් සිංහල උපසිරැසි කරල තියෙනව.. ඔයාලට ඒ චිත්‍රපටය මෙතනින් ගිහින් ගන්න පුලුවන් සිංහල උපසිරැසිත් එක්කම.. හම්... මන් මේ වැඩේ මුලින්ම පටන් ගත්තෙ kaaviya thalaivan චිත්‍රපටයේ වාන්ග මක්කා සිංදුවට.. ෆේස්බුක් එකෙන් එහෙම මගේ යාළුවො මට ඒ වැඩේ ගැන කියල තිබුන.. තව යාළුවෙක් කියල තිබුන උපසිරැසි ලේසි විදියකින් බලන්න පුලුවන් විදියට දාන්න කියල.. ඉතින් මන් තීරනය කළා මන් මුලින් දීපු විදියට නැතුව වීඩියෝ එකටම උපසිරැසි දාල දෙන්න.. එදකොට ඉතින් ඔයාලට කිසි අවුලක් නෑනෙ.. විඩීයෝ එක බලන්න විතරයි තියෙන්නෙ.. ඉතින් මන් ඒ වැඩේ මේ සිංදුවේ ඉදල පටන් ගන්නව.. දැන් ඔයාලට මුකුත් ඔබ ඔබ ඉන්න ඕනි නෑ.. කෙලින්ම වීඩියෝ එක ප්ලේ කරල බලන්න තමයි තියෙන්නේ.. හරි දැන් කියෙව්වත් ඇති නේ ඒ නිසා.. ඔයාල වීඩියෝ එක බලල සතුටු වෙන්න..
- සංගීතය - SN Arunagiri
- ගායනය - Gana Bala
- ගීතය එළි දැක්වීමේ දිනය - 2013/11/13
..ඔයාලට මේ වගේ සිංදුවකට සිංහල උපසිරැසි දාගන්න ඕනි නම් මට ඒ ගැන කියන්න..

