Saturday, July 11, 2015


ඉතින් කොහොමද යාළුවනෙ ඔයාලට. මාව මතකද දන්නෙත් නෑ. ගොඩ කාලෙකින් නොවැ මේ පැත්තට ආවෙ. මන් අන්තිමටම Kaaki Sattai ෆිල්ම් එකෙන් තමයි ඔයාලව මුන ගැහුනෙ.. ඒ අප්‍රේල් 12.. වැඩි කාලයක් නෑ නේ.. 😀 කොහොම හරි මන් හිතන් හිටියෙ සබ් කරන වැඩේ පොඩ්ඩකට බ්‍රේක් ඩවුන් කරල දාන්න.. ඒ ඇයි කියලනම් මට තේරෙන්නෙත් නෑ.. හැබැයි ඒ දවස් ටිකේ මන් පට්ට දුකින් හිටියෙ.. ඉතින් මන් ඔහොම දුකේ ඉන්න කොට මන් හිතුව මෙහෙම නම් ඉදල වැඩැක් නෑ.. සබක් කරන්නම ඕනි කියල.. ඒ නිසා මන් මේ සබ් එක කරන්න පටන් ගත්ත..
තව දෙයක්, මන් මේ ෆිල්ම් එකට සබ් එක දාන්න ගත්තෙ එක විශේෂ හේතුවක් නිසා.. දුප්පත් කොල්ලො දෙන්නෙක් පීස එකක් කන්න විදින දුක මන් මේ ෆිල්ම් එකෙන් දැක්ක.. මන් එවෙලෙම හිතුව අනිව මේ ෆිල්ම් එකට සබ් එක දාන්නම ඕනි කියල.. අපේ සමාජෙ කැතම කැත පුරුද්දක් තියෙනව.. ඒ තමයි දුප්පත් මිනිහව මේ සමාජෙ තුල ජීවත් වෙන කවුරුත් පිලි ගන්නෙ නෑ.. එයාලව පැත්තකට දාල තියෙනව.. (මන් මේ සිද්දිය හොදටම මගෙ ඇස් දෙකෙන්ම දැක්කෙ අපේ ස්කොලෙන්.. ඒ ගැන කතා කරන්න මන් කැමති නෑ.. :( ) කවුරුත් එයාලට ඇහුකම් දෙන්නෙ නෑ.. එයාලව කොන් කරනව සමාජය ඇතුලත.. කතා කරන්න ගියොත් නම් බොහොමයක් තියෙනව කියන්න.. ඒ වුනත් කියල වැඩැක් නෑ.. හම්.. පොඩි හිතට හැගුනු දෙයක් කිව්ව.. ඔක්කොම කියවනකොට මටම පිස්සු වගේ.. ඒ නිසා මන් කතාව පැත්තට පොඩ්ඩක් යන්නම්..
මේ ෆිල්ම් එක තිර ගත කළේ  ගිය මාසයේ ජූනි පස් වෙනිද ඉදල.. ඉතින් දැන් බලනව ඇති මේකට සබ් එක දෙන් නැතුව මෙච්චර කාලයක් මොනාද කලේ කියල.. ඇත්තෙන්ම මේ වෙනකන් මේ ෆිල්ම් එකේ හොද කොපියක් ඇවිත් තිබුන් නෑ.. මේ මාසෙ ද කොහෙද තමා මේ ෆිල්ම් එකේ හොද පිට පතක් නිකුත් වුනේ..  කොහොම හරි මේ ෆිල්ම් එකට මේ වෙනකන් ඉංග්‍රීසි උපසිරැසියක් නිකුත් වෙලා නෑ.. ඉතින් මට සිද්ද වුනේ.. අසා ලිවීමකින් උපසිරැසිය නිර්මාණය කරන්න.. :) අන්න ඒ හින්ද තමයි පොඩ්ඩක් හරි උපසිරැසිය දෙන්න පරක්කු වුනේ.. හරි එහෙනම්,
මේ ෆිල්ම් එක අද්‍යක්ෂනය කරල තියෙන්නෙ M. Manikandan.. ඇත්තෙන්ම මේ එයාගෙ ප්‍රථම අද්‍යක්ෂනය.. ෆිල්ම් එකේ රංගනයට දායක වන ළමා රංගන ශිල්පීන් මේ වෙනකන් ඔයලට හමුවෙලා නැතුව ඇති.. මොකද මේ එයාලගෙ ප්‍රථම චිත්‍රපටය නිසයි.. 😀 හරි මෙතන පොඩි සීන් එකක් තියෙනව.. මේ ෆිල්ම් එකේ එයාලට කියන්නෙ කාක්ක මුට්ට කියල.. ඕකෙ තේරුම තමා කාක්ක බිත්තරේ.. (මන් ඉතින් ඔය නම ටැමිල් වලින්ම දැන්ම) හරි හම්.. Ramesh මෙයා තමයි චින්න කාක්ක මුට්ට (පොඩි කාක්ක බිත්තරේ) J. Vignesh මෙයා තමයි පෙරිය කාක්ක මුට්ට.. (ලොකු කාක්ක බිත්තරේ) හම්.. ප්‍රධාන චරිත වලින් නම් මේ දෙන්න තමා ඉන්නෙ ඉතින්.. එහෙනම් මන් කතාව කියන්නම්..
හරි එහෙනම් මන් මෙහෙම පටන් ගන්නම්.. මේ කොල්ලො දෙන්න ජීවත් වෙන්නෙ ඩී.ඩී නගර් වල තියෙන දුප්පත් නිවාස සංකීර්ණයක.. (මොනවගේද කියල ඔයාලට බලාගන්න පුලුවනි, මට කියන්න තේරෙන්නෙ නෑ) ඉතින් මෙයාලගෙ තාත්තත් නෑ.. තාත්ත ඉන්නව., ඉන්නෙ හිරේ.. අම්මයි, ආච්චී එක්ක තමයි මෙයාල ජීවත් වෙන්න.. ඉතින් ඉදෙනෙදා ජීවිතේ ගැට ගහගන්න මෙයාල ගල් අගුරු අහුලන්න යනව.. කිලෝ එකක් රුපියල් තුනක්.. දැන් හැමෝම බලනව ඇතිනෙ කාක්කෙක්ගෙ නමක් මොකටද මුන්ට මේ දාල තියෙන්නෙ කියල.. ඒක මෙහෙමයි.. මෙයාල දුප්පත් නිසා.. බිත්තර ගෙඩියක් අරන් කන්න පුලුවන් වත්කමක් නෑ.. ඒ නිසා මෙයාලගෙ ආච්චි කියල තියෙනව.. කාක්කගෙ බිත්තර කන්න කියල.. ඒ වැඩේට නම් එයාලගෙ අම්ම කැමති නෑ.. (කොටින්ම මාත් කැමති නෑ.. ජරාව) එයාල කාක්ක බිත්තර බොන නිසා එයාලට ඒ නම දාල තියෙනව.. හම්.. මේ ඩබල ඉතින් කාක්ක බිත්තර බොන්න යන්නෙ.. එයාලගෙ ගෙවල් ලග තියෙන පොඩි පිට්ටනියකට.. එයාලට ඒ පිට්ටනියත් නැති වෙනව.. මොකද ඒ පිට්ටනිය පීසා ස්පොට් කියන ආයතනයක් මිලදී ගන්නව.. අන්තිමට එයාලට කාක්ක බිත්තර බොන්න හම්බෙන්නෙත් නෑ.. ඔය අත රෙ ඒ පිට්ටනියෙ පීසා කඩයක් හදනව.. දැන් තමයි ප්‍රශ්නය පටන් ගන්නෙ.. මෙයාලටත් පීස කන්න ආශාවක් ඇති වෙනව.. ඒ වුනත්.. කන්න බෑ.. මොකද පීස එකක ගාණ රුපියල් තුන්සීයක්.. ඉතින් එයාලට මේ ගාණ ලොකු මුදලක්.. (තව දෙයක් ඔයාලට බලාගන්න පුලුවනි අමුතුම පීස එකක් හදන ආච්චි කෙනෙක්ව) ඉතින් දැන් ඔයාලට බලන්න තියෙන්නෙ කොහොමද මෙයාල පීස එක කන්න සල්ලි හොයාගන්නෙ, මොනාද ඒ සල්ලි හොයාගන්න මෙයාල කරන්නෙ?, මෙයාලට මොනවගේ දේවල් වලට මුහුණ දෙන්න වෙයිද.. පීස එක කන්න ලැබේවිද කියල..
ලිපිය නම් ලිව්වෙ පට්ට නිදි මතේ.. දවස් දෙකක් රෑ වෙනකන් සබ් එක කළා.. (ලිපියට සොරි වෙන්න ඕනි තේරුනේ නැත්නම්) එහෙනම් මන් ගිහින් එන්නම්..
ලබා දී ඇති ටොරන්ට් එක බාගත කර ගැනීමට අපහසු නම් උපසිරැසි ගොනුව සමඟ ඇති ටොරන්ට් ෆයිල් හෝ ඩිරෙක්ට් ලින්කුව භාවිතා කරන්න.




Post a Comment:

Designed By Blogger Templates | Templatelib & Distributed By Blogspot Templates