Tuesday, November 10, 2015


ඉතින් කොහොමද යාළුවනේ ඔයාලට.. මම නම් හොදින්.. හොදින් නෙමෙයි හොදින්ම හොදින්.. :) මොකද අද දීපවාලිනෙ.. ඉතින් මටත් දීපවාලි තමයි.. හැපි දීපාවලී..(අද නම් ලඩ්ඩු කනව බඩ පැලෙන්න) හි හි හි.. කොහොම හරි අද මගේ සතුටුම දවසේ මම ඔයාලට දෙනවා පොඩි තෑග්ගක්.. ඒක තමයි මේක ඈ.. (උපසිරැසිය) වෙනද වගේම අද මම ඔයාලව මුණගැහෙන්න ආවෙ නිකම්ම නෙමෙයි, ඉතින් ඔයාල කොහොමත් දන්නවනෙ SNAKE RAJ කියන්නෙ එසේ මෙසේ එකෙක් නෙමෙයි කියල  .. කොහොමහරි සුපිරි ෆිල්ම් එකක් අරගෙනම තමයි ආවෙ.. ඇත්තෙන්ම මේ ෆිල්ම් එකට මේ වෙනකන් කිසිම භාෂාවකින් උපසිරැසියක් නිකුත් වෙලා තිබුනෙ නෑ.. ඉතින් මට සිද්ද වුනා ලයින් හදාගෙන අසා ලිවීමක් කරන්න.. හම්බෝ.. හරියටම දවස් දෙකකින් වැඩේ ඉවර කරගත්ත.. ඔයාලට කියන්න, අන්තිම ලයින් එක හදල ඉවරවෙනකොට හිතට දැනෙන සතුට ආයෙ කියල නිම කරන්න බෑ අප්ප  .. ෆිල්ම් එකේ තියෙන හැම සිංදුවකටම වගේ උපසිරැසි දැම්ම.. හැබැයි අන්තිම එකට නම් දැම්මෙ නෑ.. හරි එහෙනම් මන් කතාව කියන්නම්.. මහන්සී අප්පා.. :(

මේ ෆිල්ම් එක අද්‍යක්ෂනය කරල තියෙන්නේ Vi Anand. ඒ වගේම කතාව ලියල තියෙන්නේ Jinesh (dialogue). චරිත නම් ඔයාලට හුරු පුරුදු නැතුව ඇති.. මොකද එයාල අලුත් රංගන ශිල්පීන්.. (අක්කි කෙනෙක් නම් ඉන්නව ෆට්ට ලස්සනයි) ෆිල්ම් එක ගැන වැඩි තොරතුරු මෙතනින් දැන ගන්ඩෝ..

අප්‍රේල් දා හතර වැනිදා.. වෙලාව 1.13 යි.. අපේ මුළු ගම්මානයම බයෙන් වෙලී ගිහින් ඉන්නේ.. ඊලඟට උදා වෙන මිනිත්තුව.. අපේ ගම්මානයේ අවසාන මිනිත්තුවයි.. අපේ ගමට ඉහලින් විශාල උල්කාපාත රැසැක් අපේ දෙසට එනවා.. රජය කියන විදියට ඒ උල්කාපතයක් වැටුනෝතින් විශාල හානියක් සිද්ද වෙනවලූ.. රජයෙන් අපිව වෙනත් ගමකට යවන්න හැදුව.. ඒ අපේ ආරක්ෂාවට.. ඒත් අපි බෑ කිව්ව.. ඒ අපේ ජීවිතේ අහිමි වුනත් අපි අපේ ගම දාල යන්න අකමැති නිසා.. අපිට මොනව වෙයිද? උල්කාපාත අපිට මොනවගේ දෙයක් කරයිද? අපි මැරෙයිද? අපිට වෙන දේ දැන ගන්න ඕනි නම් ඔයාලට මේ ෆිල්ම් එක බලන්නම වෙනවා.. ඒ වගේම අපේ මේ කතාව ඉවර වෙනකන් සිංහල උපසිරැසි යොදපු මේ යාළුවාටත් කොමෙන්ට් එකක් දාගෙනම යන්න.. :)

ඒ.. අර යාළුව කියපු එක මතකයිනේ.. කොමෙන්ට් එකක් දාගෙනම යන්ඩෝ.. එහෙනම් මන් ගියා යාළුවනේ.. බායී.. බයිස්කොප් එකට ජය වේව! 

  ෆිල්ම් එක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න  
සිංහල උපසිරැසි මෙතනින් අරගන්න


{මෙම උපසිරැසි මා විසින් බයිස්කොප් සිංහලෙන් අඩවියට පිරි නැමූ මාගේම උපසිරැසි වේ.}


Post a Comment:

Designed By Blogger Templates | Templatelib & Distributed By Blogspot Templates