Sunday, November 15, 2015


කොහොමද යාළුවනෙ ඉතින්.. අද මම අලුත් චිත්‍රපටයක් ගැන තමයි මේ තොරතුරු අරන් එන්න හදන්නෙ.. ඇත්තෙන්ම මම ආසම නළුවෙක් තමයි කමලකාසන් කියන්නෙ.. එයාගෙ අප්පු ෆිල්ම් එකට මම ගොඩක්ම ආසයි.. හම්.. හරි කමලකාසන් මේ අවුරුද්දෙම තවත් ෆිල්ම් එකක් කළා.. ඒ uttama villain (2015) (ඔයාල ඒ ෆිල්ම් එක බැලුවෙ නැත්නම් සිංහල උපසිරැසිත් එක්කම බලන්න පුලුවන්..) ඒ ෆිල්ම් එකත් හරිම ලස්සනයි.. 

මේ චිත්‍රපය තවම අන්තර්ජාලයට නිකුත් වෙලා නෑ.. නමුත් ෆිල්ම් එක නම් දැන් රිලීස් වෙලා තියෙන්නෙ.. ෆිල්ම් එක රිලීස් වුනේ 2015-11-10 දිනයි.. ඒ වගේම මේ චිත්‍රපටය අද්‍යක්ෂණය කරල තියෙන්නෙ . අනික ඔයාල තව දෙයක් දන්නවද යාළුවනෙ.. මේ කථාව ලියල තියෙන්නෙ මේ චිත්‍රපටයේ ප්‍රධාන නළුව කමලකාසන්.. එයා මේ කථාවට අමතරව තව කථා ලියල තියෙනව යාළුවනේ.. ඒවලින් එකක් තමයි Vishwaroopam (2013).. මේ චිත්‍රපටය ගොඩක් ජනප්‍රිය වුනා.. ඒ වගේම මේ කතාවෙ දෙවෙනි කොටසකුත් තියෙනව.. ඒකත් එයාම තමයි ලියල තියෙන්නෙ.. හම්.. මේ කථාවෙ අපි හොදට දන්න චරිත ගොඩක් ඉන්නව.. ඒ වගේම මේ ෆිල්ම් එකේ ප්‍රධාන නිළිය අපි කවුරුත් දන්න Thrisha Krishnan. හරි මම දැන් කථාව පොඩ්ඩක් කියන්නම්..

කථාව පටන් ගන්නෙ අපේ කථාවෙ හීරෝ කාර් එකක සිංදුවක් අහගෙන එන සීන් එකකින්.. කොහොමත් ෆිල්ම් එකක් වුනාම මේ වගේ තැනක මොකක් හරි ජන්ජාලයක් සිද්ද වෙනවනේ.. ඒ වගේම වැඩි දුරක් එයාට එහෙම යන්න හම්බෙන්නෙ නෑ.. එකපාරටම කාර් එකට වෙඩි වදිනව.. කවුරුත් නිකම් වෙඩි තියන්නෙ නෑ නේ.. බැලින්නම් මෙයා ලග කොකින් (මත්ද්‍රව්‍ය) පුරවපු බෑග් එකක්ම තියෙනව.. දැන් ඒ බෑග් එක මෙයා ලග තියන් ඉන්නවකොට කෝල් එකක් එනව.. වෙන කවුද ඉතින් හැම ෆිල්ම් එකකම වගේ ඒකෙ අයිතිකාරය තම.. :) එයා අපේ හීරෝට කියනව එයාගෙ කොකීන් ටික එයාට ලැබුනෙ නැත්නම් එයාගෙ පුතාව පැහැර ගන්නව කියල.. කොහොම හරි එයාගෙ පුතාව කොකින් වල අයිතිකාරය පැහැරගන්නව.. එයා කියන්නෙ කොකීන් ටික දීල පුතාව අරගෙන යන්න කියල.. 

මන් හිතන්නෙ මේ කථාව කිව්ව හොදටම ඇති.. ඇත්තෙන්ම මන් කථාවෙන් භාගයක් තියා කාලක්වත් කිව්වෙ නෑ.. මන් ඔයාලට මේ ආරම්භයක් විතරයි කිව්වෙ.. කොහොම හරි යාළුවනෙ ඔයාලට ෆිල්ම් එක එනකම්ම ඉන්නව වෙනව බලන්න.. හි හි.. මටනම එනකන් ඉවසිල්ලක් නෑ.. එහෙනම් මන් ගියා යාළුවනෙ.. ආයෙත් මේ වගේ අලුත් ෆිල්ම් එකක තොරතුරුත් අරන් එන්නම්.. එදකන් මන් ගියා.. බායී!

-Thoongavanam චිත්‍රපටයේ ට්‍රේලරය පහතින් නරබන්න- 



Snake Raj Snake Raj Snake Raj Snake Raj Snake Raj Snake Raj Snake Raj 

Post a Comment:

Designed By Blogger Templates | Templatelib & Distributed By Blogspot Templates