Monday, January 25, 2016


 

මේ වගේ චිත්‍රපටයක් දමිල භාෂාවෙන් නිෂ්පාදනය වුනේ නෑ කියන හිඩැස පුරවන්න නායිගල් ජාකිරිත්තෙයි (Naaigal Jaakirathai) චිත්‍රපටය නිෂ්පාදනය කරපු Shakti Soundar Rajan මිරුතන් (Miruthan) චිත්‍රපටයෙන් ඔබ අප හමු වෙන්නයි මේ සුදානම.. එයා එයාගෙ අතට අරගෙන තියෙන මාතෘකාව තමයි සෝම්බී.. එහෙමත් නැත්නම් අපේ භාෂාවෙන් කියනවනම් පිල්ලි.. ඉතින් එයාගෙ ඒ ෆිල්ම් එකේ රංගනයෙන් දායක වන නළු නිළියන් යන්නේ අපි කවුරුත් හොදට දන්න Jeyam Raviසහ Lakshmi Menon.. චිත්‍රපටයේ ට්‍රේලර් එක බලන අපි හැමෝගෙම හිතට එන්නේ ආසාවක්, පුදුමයක්..  මොකද ඒ තරමටම චිත්‍රපටයේ රසය ට්‍රේලරයෙන් පෙන්වනවා.. ට්‍රේලර් එක ගැන කියනවනම්.. පළමු වෙන්ම කවුරුත්ම නැති පාළු තැන් පෙනවල ඊට පස්සෙ බල්ලෙක්ව පෙන්වල ඊට පස්සෙ පොඩි වෙලාවකට පස්සෙ වෛරස් එක පැතිරුනාට පස්සේ ඒ බල්ලව ආයෙම සැරයක් පෙන්වල චිත්‍රපටයේ මොනාද තියෙන්න යන්නෙ කියල අද්‍යක්ෂකවරයා පැහැදිලිවම ට්‍රේලර් එක මාර්ගයෙන් පෙන්වා තියෙනව.. වෛරස් එක මිනිස්සුන්ව වෙනස් කරවනවා ඒ මාර්ගයෙන් මිනිස්සු වෙනත්ම කෙනෙක් බවට පත් කරනව කියලත් ට්‍රේලර් එකේ හොදටම පෙන්වල තියෙනව.. 

ඒ වගේම ට්‍රේලර් එකේ තවත් පැත්තකින් චිත්‍රපටයේ කථාවත් අපිට පොඩ්ඩක් පෙන්වා දීල තියෙනව.. ට්‍රැෆික් පොලිස් ඇදුමක් ඇදගෙන අපේ වීරය ජයම් රවී එනව.. කොයම්බතූර් හන්දියක වාහනයක් හැප්පිල වගේ දේවල් පෙන්වනව.. ඒ වගේම එයාගෙ ආදරෙත් පෙන්වනව.. ඒ අස්සෙ ජීවත් වෙලා ඉන්න මිනිස්සුන්ගෙ ජීවත රැක ගැනීමෙ වගකීමත් එයාට පැවරෙනව කියල මේ ට්‍රේලර් එකෙන් හොදටම පෙන්වා දීල තියෙනව.. ඔය ඔක්කොමත් හරී.. ට්‍රේලර් එකේ අන්තිම කොටසේ අන්තිමටම දානව චිත්‍රපයේ නම “මිරුතන්” කියල.. මොකද්ද මේකෙ තේරුම.. ඇත්තටම මුලින්ම මටත් ඒක එච්චර තේරුනේ නෑ.. ඊට පස්සෙ මන් ඒකෙ තේරුම හොය ගත්ත.. මිරුතන් කියන එකේ තේරුම තමා සත්වයෙකුගේ ඇග තුල සිටිනා + මිනිසා.. චිත්‍රපටයේ ට්‍රේලරය සිංහලෙන් උපසිරැසි ගනවලයි තියෙන්නෙ..


එහෙනම් යාළුවනේ මේ වගේම තවත් අලුත් ෆිල්ම් එකක තොරතුරුත් එක්ක ආයෙ හම්බවෙන්න එන්නම්.. එදකන් ජය වේවා!




Post a Comment:

Designed By Blogger Templates | Templatelib & Distributed By Blogspot Templates