Sunday, June 12, 2016


ඉතින් කොහොමද යාළුවනෙ ඔයාලට.. අවුරුදු එහෙම සරු ඇති නේ? මන් ඔයාලට අවුරුද්දට දෙන්න කියල හොද ෆිල්ම් එකක් තියන් හිටිය හිටිය.. ඒ වුනත් මන් බලාපොරොත්තු වුණා වගේ ඒක ඉෂ්ට කරගන්න බැරි වුණා.. මොකද ෆිල්ම් එකේ හොද කොපියක් ආවෙ නැති නිසා.. :D ෆිල්ම් එක මොකද්ද කියලනම් මම කියන්නෙ නෑ.. ඒ වුනත් ඔයාල ඒ ෆිල්ම් එකට අනිව කැමති වෙනව.. හරි මන් මේ දෙන්න යන ෆිල්ම් එකත් සුපිරි හොල්මන් කතාවක් තියෙන එකක්.. මන් මේ ෆිල්ම් එක මුලින්ම බැලුවෙ අට වසරෙදි.. එදකොට රාජ් කොළුව පොඩී අෆ්ෆ.. :D හි හි.. ඉතින් ඒ දවස් වල බලපු මේ ෆිල්ම් එක මන් බලපු හොදම ෆිල්ම් වලින් එකක් වුණා.. කතාව මට මතකෙන් කියන්න පුලුවන්.. අන්තිම සීන් ටිකේ කොටු කොටු තියෙන නිසාද දන් නෑ ඒ කාලෙ ඉදල මට මේ ෆිල්ම් එකේ කතාව සහ ෆිල්ම් එකම හොදට මතක.. :p මම හොයල බැලුව තොරතුරු අනුවනම් මේ ෆිල්ම් එක තෙලෙගු ෆිල්ම්  එකක් ඒ වගේම මේ ෆිල්ම් එක අද්‍යක්ෂනය කරල තියෙන්නෙ Chinna කියන අද්‍යක්ෂකවරයෙක්.. මට නම් ඔච්චරයි දෙයියනේ හොයා ගන්න පුලුවන් වුණේ.. {මොකද දැන් මේ ලිපිය කොටන්නෙ ඇස් දෙක ලාවට ඇරගෙන, වෙලාව 1:14} :D මේ ෆිල්ම් එකේ තොරතුරු දන්න කියන කෙනෙක් ඉන්නවනම් තොරතුරු ටිකක් පහලින් කොමෙන්ට් කරන්ඩෝ........ හරි එහෙනම් මේ ෆිල්ම් එකටනම් මට ලයින් හදන්න ඕනි වුණේ නෑ.. මොකද ඉංග්‍රීසි උපසිරැසියක්  අන්තර්ජාලයෙ තිබුන.. ඉතින් වැඩේ තවත් ලේසි වුණා.. ඔයාලට කියන්න මන් මේ ෆිල්ම් එක අද ඒ කිව්වෙ [2016-04-14] 01.00 එකට තමයි කරන්න පටන් ගත්තෙ.. කොහොම හරි කෑම කාල, කොකිස් කාල, ලඩ්ඩු කාල, නාල කරල සබ් එක ඉවර වෙනකොට හරියටම දෙයියන්ගෙ පිහිටෙන් රෑ 12 විතර ඇති.. හි හි හි :D :D :D [මන් පවු නේ?] හි හි.. හරි හරි මන් කතාව කියන්නම්.. අෆ්ෆට සිරි අද නම් මන් හම්බානෙට වල්පල් කියවල වගෙයි.. ෂොරී.............. :D ඔන්න කතාව කියන්නම් එහෙනම්.. 

කතාව පටන් ගන්නෙ කළු රෙද්දක් වගේ පොරව ගත්ත මිනිහෙක් ගෙදරකට ඇතුල් වෙන තැනකින්.. ඔයාල හිතන්න එපා එයා හොරෙක් කියල.. ඇත්තටම එයා හොරෙක් වත් වෙන මොකෙක් වත් නෙමෙයි ඒක මට හිතෙන විදියට මල පෙරේතයෙක්.. [ඔයාලටම ඒකව දැක්කට පස්සෙ හිතෙයි :D] එයා ගෙදරට ඇතුල් වෙලා ඒ ගෙදර ඉන්න ළමයි දෙන්නවයි ඒ ළමයින්ගෙ අම්මවයි මරනව.. කොහොම හරි ඒ ළමයින්ගෙ තාත්ත ඒ කිව්වෙ අපේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය මරන්න යනකොට මිනිහ ඒකෙන් බේරිල ගල් පතලකට දුවනව.. අර යකා පස්සෙන්ම ඇවිදින්  අපේ නළුවගෙ ඔළුවට ගලක් අත අරිනකොටම අපේ නළුව නින්දෙන් නැගිටිනව.. ඒක එච්චර වෙලාවක් දැකල තියෙන්නෙ හීනයක්.. මිනිහගෙ මුළු ඇගම දාඩියෙන් පිරෙනව.. නැගිටල වතුර බොන්න යනකොට ඌ ආයෙත් ඉන්නව.. ඇත්තටම එයාට ඒක මැවිල පේනව.. කොහොම හරි මේක හරිම වෙනස් කතාවක්.. මන් මෙතන මොන්ගල් දෙඩෙව්වට මේක සුපිරි කතාවක්.. මන් මොනා කිව්වද කියල මමවත් දන්නෙ නෑ.. මන් එච්චර නිදි මතකින් ඉන්නෙ.. අනේ කතාව තේරුනේ නැත්නම් ට්‍රෙයිලර් එක බලන්න අනිව කතාව තේරෙයි.. එහෙනම් මන් දොයිය ගන්න.. ආ නෑ නෑ මම එහෙනම් දැන් යනව.. හැබැයි ආයෙ එනව සුපිරි භාන්ඩයක් එක්ක.. එහෙනම් මන් ගියෝ.. හෝව් හෝව්.. 

☀️ලැබුවා වූ මේ සිංහල හින්දු අළුත් අවුරුද්ද සාමය සතුට පිරි, බයිස්කෝප් සිංහලෙන් අපේ කට්ටිය හැමෝටමත්, බයිස්කෝප්වාසි ඔබ සියළු දෙනාටමත් සුභ අළුත් අවුරුද්දක් වේවා☀️” 


ෆිල්ම් එක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න
සිංහල උපසිරැසි මෙතනින් අරගන්න



{මෙම උපසිරැසි මා විසින් බයිස්කොප් සිංහලෙන් අඩවියට පිරි නැමූ මාගේම උපසිරැසි වේ.}


Post a Comment:

Designed By Blogger Templates | Templatelib & Distributed By Blogspot Templates