Monday, June 27, 2016


පරක්කුයි පරක්කුයි පරක්කුයි පරක්කුයි පරක්කුයි හොදටෝම පරක්කුයි :( අනේ සමාවෙන්න යාළුවනේ මේ ෆිල්ම් එකට සබ් එක දෙන්න ගොඩක් පරක්කු වුණා 😀 වැඩේ භාරගත්තෙ නම් දැන් ටික දවසකට කලින්, මේ චිත්‍රපටයත් කාල රාමු හදාගෙන අසා ලිවීමක් තමයි කරන්න වුනේ යාළුවනේ, මොකද කිසිම ඉංග්‍රීසි උපසිරැසියක් තිබුන් නැති නිසා.. ඉතින් ඒකයි පොඩ්ඩක් හරි උපසිරැසිය ලබාදෙන්න පරක්කු වුනේ.. නමුත් අද තමයි ඔන්න දෙන්න වුනේ.. ඔයාලට කියන්න මම ෆිල්ම් ගොඩකට උපසිරැසි දාලයි තියෙන්නෙ නමුත් ඒ අලුත් චිත්‍රපට නම් නෙමෙයි පොඩ්ඩක් පරණ ඒ කිව්වේ [ 2009,2012,2010] වගේ වර්ෂ වල ඒවටයි.. ඔයාල දන්නවනෙ නයා හැමදාමත් කරන්නෙ ටැමිල් විතරමයි කියල.. එක්කෙනෙක් මගෙන් ඇහුව සහෝ ඇයි ඔයා ඉංග්‍රීසි ෆිල්ම් කරන් නැත්තේ ඉංග්‍රීසි දන්නෙ නැද්ද කියල.. හත් දෙයියනේ ඉතින් මම මොනා කියන්නද.. ඒ සහෝට කඩ්ඩෙන් කටට ආපු වචන දෙක තුනක් [නැත්නම් චාටර්නෙ බන්] කියල දාල මෙන්න මේ ටිකත් කිව්ව.. සහෝ අපේ සයිට් එකේ ගොඩාක් දෙනෙක් ඉන්නව.. එයාල හැම භාෂාවකම සිංහල උපසිරැසි කරනව.. ඒ වගේම ගොඩක් ඉංග්‍රීසි චිත්‍රපට වලට අනිවාර්යයෙන් ම ඉංග්‍රීසි උපසිරැසියක් එනව.. නමුත් සහෝ දමිල චිත්‍රපට වලට ඉංග්‍රීසි උපසිරැසියක් එන්නෙ බොහෝම කලා තුරකින්.. ඉතින් සහෝ ඔයාම කියන්නකො දමිල දන්නෙ නැති අපේ යාළුවො ඉංග්‍රීසි උපසිරැසියක්වත් නොමැතිව කොහොමද නොතේරෙන භාෂාවක් බලන්නෙ කියල? ඉතින් සහෝ අන්න ඒ හේතුව නිසාම තමයි නයා හැමදාමත් නයාගෙ සහ බයිස්කොප් අඩවියේ රසිකයන්ගේ සිත් සතුටු කරන්න කොහොම අමාරු කට්ටක් වුණත් කාගෙන දමිල චිත්‍රපට වලටම උපසිරැසි ගේන්නෙ.. ඉතින් ඔයි ටික එයාට කියපුවාම එයාට නම් තේරුන.. හම්ම්.. ඔයාල දන්නවනෙ සදුන් අයියා, විරාජ් අයියල එහෙම ගොඩක්ම කරන්නෙ දමිල චිත්‍රපට.. ඔයාල සතුටින් බලන ඔය චිත්‍රපට කරන්න එයාල ලයින් හදන් උපසිරැසි කොටල කොච්චර කට්ටක් කනව ඇත්ද කියල හිතුවද? මම නම් ඒ දුක හොදට දන්නව.. [මේ ලගදිත් මොකද්ද මන්ද වැරදී කියල එක්කෙනෙක් දොස් කිව්ව අනේ, හරිම දුකයි. :( ] හරි හරි මන් එහෙනම් කතාව කියන්නම්.. අෆ්ෆේ මන් හෙනට කියවල වගේ..
හරි එහෙනම් චිත්‍රපටයේ නම සදහන් වෙලා තියෙන්නෙ Darling 2 කියලනෙ.. එදකොට ඔයාල බලනව ඇති කෝ දෙයියනේ එක [1] කියල.. ඇත්තෙන්ම මේ චිත්‍රපටයේ පළමු කොටසකුත් තියෙනව.. ඒකට උපසිරැසිත් යොදල තියෙන්නෙ.. ඒ කොටස බලපු නැති අය මෙතනින් ගිහින් උපසිරැසි ලබාගන්න.. හරි හරි දැන් ඉතින් ඕකෙ පළමු වෙනි කොටස බැලුවෙ නෑ කියල කිසිම අවුලක් වෙන්නෙ නෑ.. මොකද ඒ කතාවටයි මේ කතාවටයි කිසිම සම්බන්ධ කමක් නෑ.. ඒ වගේම යාළුවනේ ඔයාලට කියන්න ඕනි මේ චිත්‍රපටයේ එන කථාව ඇත්තටම සිද්ද වෙච්ච දෙයක්.. ඒ කිව්වේ මේක සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මාණය කරන ලද කතාවක්.. මේ සිදු වීම වෙලා තියෙන්නෙත් වෙන කාටවත්ම නෙමෙයි ඒ මේ චිත්‍රපටයේ අද්‍යක්ෂකවරයා Sathish Chandrasekaran ටයි.. එයයි එයාගෙ යාළුවොයි නිවාඩුවක් ගත කරන්න ගිහින් ඉන්නකොට තමයි මේ සිදු වීම වෙලා තියෙන්නෙ.. ඉතින් මිනිහට ඒකෙන් වුණේ හොද කථාවක් ලැබුන එකයි.. 😀 [ඕකනෙ ඉතින් යක්කුත් වාසනාව ගේනව කියන්නෙ, ඒකට ඉතින් අපිට එන යක්කු කරදරමයි දෙන්නෙ.] හම්.. හි හි හි, හරි එහෙනම් චිත්‍රපටයේ රංගනයෙන් දායක වෙන්නේ Kalaiyarasan, Rameez Raja, Kaali Venkat යන අයයි.. වැඩි විස්තර බලන්න ඕනි නම් මෙතනින්..එහෙනම් මන් පොඩ්ඩක් කතාව කියන්නම්.
කථාව පටන් ගන්නකොටම ගෑන් ළමයෙක්ව පෙනවනවා.. මුලින්ම එයා හොදට හිටියත් පස්සෙ යන්න යන්න එයාට මොනාද වෙනව.. හරියට යකෙක් ආවේෂ වුනා වගේ.. [මේ ටික සිංදුව ඇතුලත ඔබට බලාගත හැකි වනු ඇත.]  හරි අරව්, ක්‍රිශ්න, රෆීක්, බාලාජී කියන්නෙ යාළුවො.. ඉතින් ඔය අරවින්ද් කියන කෙනා විවාහ ගිවිස ගැනීමකටයි ඉන්නේ.. ඒ නිසා එයාට කොහෙවත් යන්න දෙන්නෙ නෑ ගෙදර අය.. නමුත් මේ යාළුවන්ට ඕනි කරනව පොඩි නිවාඩුවක් ගත කරන්න ට්‍රිප් එකක් යන්න.. ඉතින් ඔය අරවින්ද්ට තියෙනවා වතු යායක් අක්කර ගානක.. ඉතින් එයා ආව කියන්නෙ කාමර කුලිය ශේප් වෙනවනෙ.. කොහොම හරි යාළුවො ටික අරවින්ද්ව කැමති කරවගෙන මේ ට්‍රිප් එක යන්න ලෑස්ති වෙනව.. ඉතින් දැන් තමයි හැම දෙයක්ම පටන් ගන්නේ.. මේ බංගලාවට ගියාට පස්සෙ මෙයාලට ගොඩක් අමුතු දේවල් සිද්ද වෙන්න පටන් ගන්නවා.. ගොඩක් අභියෝග වලට මුහුණ දෙන්න වෙනවා.. ඉතින් දැන් ඔයාලට බලන්න තියෙන්නෙ යාළුවනේ මෙයාලට මොන මොනා සිද්ද වෙයිද කියල.. එහෙනම් මන් තවත් උපසිරැසියකින් හමුවන බලාපොරොත්තුවෙන් සමුගන්නව යාළුවනේ…
ඔබටත් මටත් බයිස්කොප් පවුලේ සියළු දෙනාටත් ජය වේවා!


ෆිල්ම් එක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න

සිංහල උපසිරැසි මෙතනින් අරගන්න

 


{මෙම උපසිරැසි මා විසින් බයිස්කොප් සිංහලෙන් අඩවියට පිරි නැමූ මාගේම උපසිරැසි වේ.}

Post a Comment:

Designed By Blogger Templates | Templatelib & Distributed By Blogspot Templates