Wednesday, August 31, 2016



හරි එහෙනම් තවත් සුපිරි හොල්මන් කතාවක් දෙන්න තමයි මේ ලෑස්ති වෙන්නෙ.. ඒ වුනත් මේ කතාව 2009 වර්ෂයේ දී ආපු එකක්.. මම පොඩි කාලෙ ගොඩක් ආසාවෙන් බලපු ෆිල්ම් එකක් තමයි මේක.. ඉතින් සයිට් එකේ මේ ෆිල්ම් එකට සිංහල උපසිරැසිය නොතිබුණ එකට මන් හෙන දුකෙන් හිටියේ.. අන්න ඒ නිසාම තමයි මන් මේ ෆිල්ම් එකට උපසිරැසි දාල ගෙනාවේ.. හරි නම් මේක අප්‍රේල් මාසෙම දෙන්න ඕනි එකක්.. ඒ වුනත් වැඩ වැඩ වැඩ වැඩ වැඩ ඉවරයක් නැති වැඩ නිසා පොඩ්ඩක් පස්සට කල් දැමුන.. ගෙදර නිකන් ඉන්න වෙලාවක තමයි දැක්කෙ ලයින් 20ක් වගේ කරල තියෙන මේ ෆිල්ම් එක.. ඉතින් හනිකට දෙන්න ඕනි නිසා දවසක් වගේ සුළු දවසකින් සබ් එක හදල ඉවරයක් කරන්න පුලුවන් වුණා.. වැඩේ ගොඩක්ම ලේසි වුනේ ෆිල්ම් එකට හරියන ඉංග්‍රිසි උපසිරැසියක් නෙට් එකේ තිබුන එකයි.. ඉතින් මට ලයින හදන් වෙලාව ඉතුරු වුනා.. හරි එහෙනම් චිත්‍රපටයේ තොරතුරු ටිකක් කියල කතාවට බහින්නම්..
චිත්‍රපටය අද්‍යක්ෂනය කරල තියෙන්නෙ Vikram K. Kumar.. මේ ලගදී නිකුත් වුණු සූර්‍යාගේ අලුත්ම චිත්‍රපටය 24 ඒකත් මෙයාගෙම අද්‍යක්ෂනයක් තමා.. ඒ වගේම මේ චිත්‍රපටයේ කතාවත් මොහුම තමා ලියල තියෙන්නේ.. රඟ පාන නළුවන් බැලුවෝතින් අපි හොදින් අදුරන Madhavan තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ.. ප්‍රධාන නිළියට පන පොවන ඇය Neetu Chandra || හරි එහෙනම් මන් කතාවේ මොකද්ද වෙන්නෙ කියල කෙටියෙන් කියන්නම්..
මාදවන් එයාගෙ පවුලේ අයත් එක්ක අලුත් ගෙදරකට පදිංචියට එනවා.. ඇත්තෙන්ම මේක ඒ අයගේ සිහිනයක්, ඒ තමන්ටම කියල ගෙයක් අරන් ඒකෙ පදිංචි වෙන්න එන එක.. කොහොම හරි ඉතින් මෙයාල නිවාස ණයක් එහෙම අරන් තමයි මේ ගෙදරට පදිංචියට එන්නෙ.. (බලන් යද්දි තේරෙයි.) ඉතින් මෙයාල මේ ගෙදරට ආපු දවසෙ ඉදල කිරි මිදෙන්න පටන් ගන්නවා.. මේක එක දවසක් දෙකක් නෙමෙයි හැමදාම මෙහෙම කිරි මිදෙන්න පටන් ගන්නවා.. (උදේට කිරි බොන්න ගන්න කිරි. 🙂 ඉතින් මේක මෙයාලට ලොකූ ප්‍රශ්නයක් වෙනවා.. ආ ඒ වගේම මෙයාලගෙ ගෙදර ගෑණු උදවිය ටී.වි කතා බලන්න බොහෝම කැමති පිරිසක්.. ඇත්තෙන්ම උන් කතා බලන්න පිස්සු වැටිල.. (අපේ ගෙදරත් හතේ ඉදන් නමය වෙනකන් නාට්‍ය බලනව අපේ ආච්චි.. මල වදයක් බන්.) 🙂ඉතින් මෙයාල නාට්‍ය බලන අතරේ හරියටම දවල් එකට කිසිම චැනල් එකක් වෙනස් නොවී එකම චැනල් එකක් ටී.වී එකේ වෑඩ කරන්න පටන් ගන්නවා.. ඉතින් ඒකෙ අලුත් නාට්‍යක් පටන් ගන්න නිසා මෙයාල ඒ කියන්නේ ගෙදර ඉන්න ගැහැනු උදවිය තීරණය කරනව ඒ නාට්‍යම බලන්න.. ඒ කතාවේ නම “යාවරුම් නලම්” [හැමෝම හොදින්.] ඉතින් වැඩේ කියන්නේ මේ නාට්‍ය හරිම අත් භූතයි.. ඉතින් දවසක් මනෝ ඒ කියන්නේ අපේ කථා නායකය ගෙදර ඉද්දී මේ නාට්‍ය බලනවා.. ඒ කතාවේ සිද්ද වෙච්ච දෙයක් ඒ මොහොතේම එයාට ඇත්තටම සිද්ද වෙනවා.. ඉතින් මෙයා ගොඩක් කලබල වෙනව වගේම ටී.වී එකේ වෙන දේවල් ඇත්තටම සිද්ද වෙනවා.. ඉතින් ඔයාලට දැන් බලන්න තියෙන්නේ මේ අත්භූත ටී.වි එක මොකද්ද? මොන වගේ දේවල් වලට මුහුණ දෙන්න වේවිද යන කාරණා ටිකයි.. ආ ඒ වගේම මෙයාල ඉන්න ගෙදරටයි මෙතන සිද්ද වෙන මේ අත්භූත සීන් එකටයි සම්බන්ධයක් තියෙනවා.. ඒ වගේම ඒ අත්භූත ටී.වී _ _ _ _ _ _ _ _ _ _ _ _ _ [ඔයාලම බලන්න ඉතුරු ටික හි හි හි..]
ෆිල්ම් එක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න

සිංහල උපසිරැසි මෙතනින් අරගන්න


{මෙම උපසිරැසි මා විසින් බයිස්කොප් සිංහලෙන් අඩවියට පිරි නැමූ මාගේම උපසිරැසි වේ.}


Post a Comment:

Designed By Blogger Templates | Templatelib & Distributed By Blogspot Templates