Saturday, November 12, 2016



ආව සුපිරි ශොට් එකක් අරන් ගින්දර වගේ. :D ඉතින් අපේ වික්‍රම් මේ පාර සුපිරිම චිත්‍රපටයක් එකක් තමයි කරල තියෙන්නෙ. ෆිල්ම් එක බලනකොට ඔයාලටම තේරෙයි. මන් ගොඩක්ම ආස මේ චිත්‍රපටයේ වික්‍රම්ගේ විලාසිතාවට. කොන්ඩෙ, රවුල ආයෙ ඉතින් සුපිරිම තමා. ඉතින් මන් කොච්චර ආසයිද කියන වනම් සැප්තැම්බර් විසි නම (29) වැනිදම උපසිරැසිය හදල ඉවර කරන් තියන් හිටිය. ඒ විතරක් නෙමෙයි මට කලින්ම දැනගන්න ලැබුන අද [11-11] තමයි චිත්‍රපටයේ හොද කොපියක් එන්නෙ කියල. ඉතින් විශ්වාස කරන්න මන් පාන්දර තුනේ (3) ඉදන් ඇහැරිල ඉදල මේක ඩවුන්ලෝඩ් කරගත්ත. ඩයලොග් දෙයියට පිං සිද්ද වෙන්න පැය දෙකකින් ඩවුන්ලොඩ් කරගත්ත.:( ඩවුන්ලෝඩ් කළෙත් එසේ මෙසේ එකක් නෙමෙයි 1.6GB කොපියක්. ඉතින් ඩවුන්ලොඩ් කරපු ගමන්ම ෆිල්ම් එක සුපිරියටම බැලුව. හරි ඔන්න ඊට පස්සෙ තමයි ගේම තිබ්බෙ, හදපු උපසිරැසිය ගානට Sync කරගන්න එක. හප්පේ ඒක මතක් වෙනකොට මට කන්දක් නගින්න හිතෙනවා. ඒ තරම් කට්ටක් කෑව. :D ඉතින් වැඩේ කියන්නෙ චිත්‍රපටයේ හොද කොපියත් එක්කම ඉංග්‍රීසි උපසිරැසියකුත් ඇවිල්ලයි තිබ්බෙ. පස්සෙ මන් හිතුව දමිල දන්නෙ නැති අයට ඒක ගොඩක් උදව් වෙයි කියල. :D ඔව් ඔව් උදව් වුනා නේන්නම්. :D හි හි හි.. [ඔයාල දන්නවනෙ වික්‍රම්ගෙ එකක් නම් RAJ තමයි ඈ.. ] ආ ඒ වගේම චිත්‍රපටයේ ඔක්කොම ගීත වලට සිංහල උපසිරැසි දාලයි තියෙන්නෙ :)  හරි එහෙනම් මම චිත්‍රපටයේ විස්තර ටිකක් කියන්නම්. 

ඉතින් මේ සුපිරි චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Anand Shankar විසින්. ඉතින් කතාවත් ලියල තියෙන්නෙ Anand Shankar ම තමයි. සුපර් හිට් චිත්‍රපටයක් කිව්වොත් නැවැරදී. චිත්‍රපටයේ ප්‍රධාන නළුවට රඟ පාන්නේ [ඔව් ඔව්] Vikram තමයි. :D එදකොට ප්‍රධාන නිළියට රඟ පාන්නේ මගේ ප්‍රියතම සහ ආදරනීය, දක්ෂ, තැන්පත්, වාසනාවන්ත, ලස්සන, සුන්දර, හැමෝගෙම ආදරයට පත් වුණු Nayanthara. :D අනිත් ප්‍රධාන නිළිය තමයි Nithya Menon. ඔයා මෙයාව "24" "OK Kanmani " කියන චිත්‍රපට වල දැකගන්න ඇති. එහෙනම් මන් කියන්නම් මේ සුපිරි චිත්‍රපටයේ කතාව. 

පටන් ගන්නෙ අවුරුදු හැත්තෑවක විතර වයසක සීය කෙනෙක් ඉන්දියානු එම්බසියට යන්නෙ එයාගෙ මොකක් හරි වැඩකට වෙන්න ඇති. :D ඉතින් මෙහෙම එම්බසියට ඇතුල් වුණු සීය කෙලින්ම හොයන්නෙ CCtv කැමරාවක් කොහෙද තියෙන්නෙ කියලයි. පස්සෙ කැමරාව ලගට ගිහින් මෙයා සාක්කුවෙන් එළියට දෙයක් ගන්නවා. ඒ තමයි ඉන්හේලර් එකක්. [ඔයාල දන්නව ඇතිනෙ ඒ මොකද්ද කියල.]  ඉතින් එළියට ගත්තු ඒ හින්හේලර් එක එයා පාවිච්චි කරනවා. ඒක පාවිච්චි කරාට පස්සෙ සීය සන්සුන්ව ඉන්නවා හිටගෙන, එදකොට එතන ඉන්න ආරක්ෂකයෙක් ඇවිල්ල බලනව මේ මොකෝ කියල. ආරක්ෂකයට දෙන පාරෙන් විසික් වෙලා යනවා. [නාකි විසේ] කොහොම හරි එම්බසියේ හිටපු ඉන්දියානු කොමාන්ඩෝ භටයො විසි දෙනෙක් මේ සීය මරනව ඒ වගේම ඒ සීයත් මැරෙනව. ඉතින් මේ පරීක්ෂණය ඉන්දියාවේ බුද්ධි අංශයට භාර වෙනවා. ඉතින් මෙයාලට මේ සීයගෙන්  හෝඩුවාවක් හොයාගන්න පුලුවන් වෙනව. ඒ තමයි එයාගෙ බෙල්ලෙ කොටල තියෙන පච්චයක් මාර්ගයෙන්. ආදරයේ සලකුණ. ඉතින් මේ සලකුණේ අයිතිකාරය තමයි "ලවු" කියන්නෙ. ඉතින් මේ ලවු කියන්නෙ අවුරුදු ගාණකට කලින් මැරුණු කෙනෙක්. ඉතින් මේ ලවු කියන කෙනාව මරල තියෙන්නෙ අකිලන් විනෝද්. [අපේ හීරෝ.] ඉතින් ඒජන්සියේ අය තීරණය කරනව මේ ලවු ගැන හොදටම දන්නෙ අකිලන් නිසා එයාට මේ පරීක්ෂණය භාර දෙන්න. නමුත් අකිලන් මේ වෙනකොට වැඩ තහනමට ලක් වෙලයි ඉන්නෙ. ඉතින් මේ පරීක්ෂණය අකිලන්ට භාර දෙන්න හදනකොට එයා කැමති වෙන්නෙ නෑ භාරගන්න. ඒ වුනත් එක පාරටම එයාට මේ පරීක්ෂණය භාරගන්නම වෙනව ඒ ලවු නිසා. අකිලන්ගෙ බිරිඳව මරන්නෙ මේ ලවු.  ඉතින් ඒ තරහ පිරිමහා ගන්න අකිලන් මේ පරීක්ෂණය භාරගන්නව. අකිලන්ට තේරුම් යනව ඉන්හේලර් එකේ මොකක් හරි සැඟවුණු විශ්මිත දෙයක් තියෙනව කියල. ඉතින් මේ ඉන්හේලර් එක පාවිච්චි කරල කොහොමද අර වයස හැත්තෑවක විතර සීය කෙනෙකුට එච්චර ලොකු බලයක් ආවෙ? මේ ලවු කියන්නෙ කවුද? ලවු ඇයි අකිලන්ගෙ බිරිඳව මැරුවෙ? ඉතින් මේ හැම දේකටම සුපිරි ක්‍රියාදාමයන් එක්ක චිත්‍රපටය නරඹන්න කියල අරාධනා කරනව.

එහෙනම් ඔන්න දුන්න සුපිරි චිත්‍රපටයක්, ගොඩක් යාළුවන්ට දැන් තියෙන ප්‍රශ්නෙ තමයි කොහෙන්ද ෆිල්ම් එක හරියටම ඩවුන්ලෝඩ් කරගන්නෙ කියල. වැඩිය මහන්සි වෙන්න එපා මෙන්න අපේ  බයිස්කෝප් ඩිරෙක් සහ ටොරෙන්ට් ෆේස්බුක් ෆෑන් පේජ් එකෙන් ඔයාට ඕනි කරන කොපිය ඩවුන්ලෝඩ් කරගන්න :) තවත් මොනා හරි ප්‍රශ්නයක් තිබුනොත් මට මැසේජ් එකක් දාන්න මම උදව් කරන්නම් :) අනිවාර්යයෙන් ස්තූති කරන්න ඕනි දෙන්නෙක් ඉන්නවා ඒ තමයි සදුන් අයිය [මාමා]  අනේ උදේ ඉදන් කෝල් කර කර ඇහුව ඉවරද ඉවරද කියල. අනිත් කෙනා තමයි අපේ සිසල අයිය. උදව්වක් ඉල්ලපු ගමන්ම බෑ කියන්නෙ නැතුව කරන්නම් මල්ලි කියල කිව්ව. ඔයාටත් ස්තූති අයියේ :D

තවත් මේ වගේ චිත්‍රපටයකින් හමුවෙමු යාළුවනෙ එහෙනම්.. බුදු සරණයි! දෙවි පිහිටයි! ජය වේවා!...

Post a Comment:

Designed By Blogger Templates | Templatelib & Distributed By Blogspot Templates