Monday, November 28, 2016




ගොඩ කාලෙකින් තමයි මංසලට ලිපියක් දාන්නෙ මේ. ඉතින් මම අද ඔයාලට ගෙනාවෙ ලස්සන ෆිල්ම් එහෙක තොරතුරු ටිකක්. ඉතින් මේ ෆිල්ම් එකේ නම තමයි "Kavalai Vendam" මේකෙ තේරුම තමයි "දුක් වෙන්න එපා" කියන් එක. ඉතින් මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නේ Deekay කියන අධ්‍යක්ෂවරයා. [හරි අමුතු නමක් නේද?] ඉතින් කවාතත් ලියල තියෙන්නෙ එයාම තමයි. මෙයාගෙ වෙනත් චිත්‍රපට බැලුවොත් "Yaamirukka Bayamey (2014)" කියන එකත් මෙයාගෙම අධ්‍යක්ෂණයෙන් නිපදවුනු චිත්‍රපටයක් තමයි.


ඉතින් මෙදා පාර ගෙනල්ල තියෙන්නෙ ටිකක් අමුතු කතාවක්. එක විදියකට ගලාගෙන යන ආදර කතාවක්. ආ ඊට කලින් කියන්න එපැයි කවුද මේකෙ රඟ පාන නළු නිළියො නළුවො කියල. ඉතින් මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය අපි කවුරුත් වගේ දන්න "jeeva" ඉතින් මෙයාගෙ රංගනය ගැන කියන්න දෙයක් නෑනෙ. සුපිරිම තමයි. එදකොට මේ ෆිල්ම් එකේ නිලිය තමයි එයත් අපි දන්න "Kajal" ඉතින් මැයගෙ රංගනයත් උපරිමයි. 

ඉතින් අපේ ජීව කියන්නෙ හොටෙල් අංශයෙන් ඉගෙනගෙන හෝටලයක්ම දාගත්තු කෙනෙක්. හැබැයි මෙයා හෝටලේ දැම්මටනම් ඒකෙ වැඩ කෙරුවත් නැතත් චිත්‍රපටය පුරාවටම ආදරේ කරගෙනම තමයි ඉන්නෙ. ඔය අස්සෙ මෙයා ආදරේ කරන ගෑන් ළමයව බදින්න ඕනි කියල තව කෙනෙක් පිටරට ඉදල එනවා. තව පැත්තකින් අපේ ජීවටත් තව ගෑන් ළමයෙක් ආදරේ කරනවා. ඉතින් මේ ෆිල්ම් එකේ කතාව තමයි මේ දෙන්නට එකට එකතු වෙන්න පුලුවන් වෙයිද? බෑයිද? කියන එකයි. 

මන් කිව්වෙ මේ ෆිල්ම් එකේ වෙන්න යන්නෙ මොකද්ද කියන එක විතරයි. පට්ට විහිළු ටිකක් තියෙන සුපිරි ෆිල්ම් එකක්. ඉත්න් ආරාධනා කරනව හැමෝටම බලන්න කියල. ෆිල්ම් එක නම් දැන් තිරගත වෙනවා. ඒ වුනත් තාම හොද තත්වයේ පිට පතක් ඇවිත් නෑ. ආපු සැනින් සිංහල උපසිරැසි ලබාදෙන්න කටයුතු කරනව. :) තව දෙයක් මංසලේ රසිකයන්ට ලංකාවේ පළමු වතාවට කරන සුපිරි වැඩක් ලඟදීම එනව. එදකොට කියව කියව ඉන්න ඕනි නෑ, කෙලින්ම බලන්න තමයි තියෙන්නෙ ඕන්. හි හි හි... ජය වේවා!


Post a Comment:

Designed By Blogger Templates | Templatelib & Distributed By Blogspot Templates