Thursday, December 8, 2016


තවත් අලුත් චිත්‍රපටයක තොරතුරක් තමයි මේ ගේන්න ලෑස්ති වෙන්නෙ. හරි ඔයාල දන්නවනෙ අපේ "Jayam Ravi" ව. ඉතින් මේ පාර මෙයා ලෑස්ති වෙන්නෙ සුපිරි ෆිල්ම් එකක් ගේන්න. ඔයාලට මතකද "Thani Oruvan" චිත්‍රපටයේ හිටපු Siddharth Abhimanyu චරිතය රඟපාපු "Arvind Swamy" ව. අන්න ඒ සුපිරි මොළකාරයත් එක්ක තමයි මේ පාරත් චිත්‍රපටය රඟපාල තියෙන්නෙ. ඔයාල දනන්ව ඇතිනෙ "Roja" ෆිල්ම් එක. අන්න ඒ ෆිල්මෙ එකෙ ප්‍රධාන නළුව තමයි මේ Arvind Swamy. 

ඉතින් මේ චිත්‍රපටයේ නිෂ්පාදකවරයා තමයි Prabhu Deva. අධ්‍යක්ෂවරයා තමයි  "Lakshman". ඒ වගේම මේ චිත්‍රපටයේ සිංදු කරල තියෙන්නෙ ඉන්දියාවෙ ජනප්‍රිය සංගීතවේදියෙක් වන D. Imman. චිත්‍රපටයේ රඟපාන නළු නිළියන් දිහා බැලුවොත් ප්‍රධාන චරිත දෙකක් නිරූපණය වෙනවා ඒ Jayam Ravi සහ Arvind Swamy. ප්‍රධාන නිළිය අපි කවුරුත් හොදින් දන්න Hansika Motwani. 

ඉතින් තාම චිත්‍රපටය නම් ඇවිල්ල නෑ. නමුත් ඊලඟ අවුරුද්දේ ජනවාරි 26 [Jan 26 | 2017] වැනිදා තිරගත වෙන්න නියමිතයි කියල ස්ථිර කරල තියෙනවා. චිත්‍රපටයේ ට්‍රේලරය නම් දැන් ඇවිල්ලයි තියෙන්නේ. ට්‍රේලර් එක බැලුව කියන්නෙ අනිවාර්යයෙන් චිත්‍රපටය එන දවස වෙනකන් ඇඟිලි ගනිනව ඈයෙ ශුවර් :D හරි එහෙනම් තව කියන්න නම් දෙයක් නෑ. ඒ වගේම  චිත්‍රපටයේසිංහල උපසිරැසිත් බයිස්කොප් අඩවියෙන් බලාපොරොත්තු වන්න. එහෙනම් තවත් මේ වගේ සුපිරි තොරතුරකින් හමුවෙමු. ඒ වගේම කියන්න දෙයක් තියෙනවා සිංහල උපසිරැසි හදන්න දන්නෙ නැති අයට අපි දැන් සිංහලෙන්ම කියල දෙනවා. :) ඉගෙන ගන්න් ආසයි නම් මෙතනින් ගිහින් බලන්න. :) එහෙනම් ජය වේවා!




Post a Comment:

Designed By Blogger Templates | Templatelib & Distributed By Blogspot Templates