Thursday, April 6, 2017



හැමෝටම ආයුබෝවන්…! අයියේ සිංගම් 3 ඉවරද ? අයියේ අද දෙනවද ? අයියේ ඇයි පරක්කු ? මේ දවල් වල මුහුණ පොතට එන මැසේජ් මෙන්න මෙව්වා තමයි. මුලින්ම සමාව ඉල්ලනවා හැමෝගෙන්ම මේ ෆිල්ම් එකේ ඔර්ජිනල් පිටපතක් එනවා කියලා තිබ්බේ අප්‍රේල් මුල් සතියේ නමුත් හදිස්සියේ පැමිණි නිසා කලින් සූදානම් නොවී සිටි නිසාත් මෙය ඔබ හට ගෙන ඒමට ප්‍රමාදවීම පිළිබඳ ඔබගෙන් සමාව අයැද සිටිනවා. කොහොම වුනත් දැන් ඔන්න අලුතෙන් උපසිරැසි වලට ඡන්දය දෙන්න පුළුවන්. ඒ නිසා ඡන්දය දීලා ඉහලින්ම තියෙන මෙන් ඉල්ලා සිටිනවා. නයි මල්ලී මමයි ඔන් ගෙනාවා සිංගම් 3.
ඔබ දමිල ක්‍රියාදාම චිත්‍රපට නැරඹීමට ප්‍රියකරන්නෙක්ද ? එසේනම්, 2010 වර්ෂයේදී නිකුත්වූ සිංහම් පළමු චිත්‍රපටය අනිවාර්යයෙන්ම නරඹන්න ඇති. පළමු සිංහම් චිත්‍රපටය නැරඹුවා නම්, අනිවාර්යයෙන්ම 2013 වර්ෂයේදී නිකුත්වූ සිංහම් දෙවැනි චිත්‍රපටයත් නරඹන්නට ඇති. දෙවැනි චිත්‍රපටයත් නැරඹුවා නම්, 2017 වර්ෂයේ පෙබරවාරි මස 9 වෙනිදා සිට, ලොව වටා තිරගතවීම ආරම්භ කල, සිංහයාගේ තුන්වෙනි දඩයම නොහොත් තෙවෙනි සිංහම් චිත්‍රපටය වෙනුවෙන්, ඔබ මෙතෙක් කාලයක් පුරාවටම නොඉවසිල්ලෙන් පසුවෙන්න ඇති. එසේනම්, මේතාක් කාලයක් පුරාවට, තෙවනි සිංහ දඩයම දැකගැනීමට පෙරුම් පුරමින් සිටි සියළුම ප්‍රේක්ෂක ජනතාවගේ සිතට අස්වැසිල්ලක් ගෙනදෙමින්, තෙවෙනි සිංහ දඩයම්ත් සමගින් එකතුවීමට ඔබ සැමට කෙරෙන්නාවූ සුහඳ ආරාධනාවයි මේ.
අවනීතිය රජයමින්, අසාධාරණත්වයේ හස්තයේ ග්‍රහණයෙන් මුළු මහත් සමාජයක්ම ඝනාන්ධකාරය වෙත රැගෙන යමින් පවතින්නාවූ කාල වකවානුවක, ධනයට, බලයට හිස පහත් නොකරමින්, දූෂිත පාලනයට එරෙහිව සිංහයෙකු මෙන් නිර්භීතව මුහුණ දී, එම සියලු දුෂ්ඨ බලවේගයන් සුනුවිසුණු කර දැමුවාවූ, සත්‍යගරුක පොලිස් නිලධාරියෙකුගේ තෙවැනි වික්‍රමය පාදක කොටගනිමින් නිර්මාණය වුනාවූ මෙම අපූරු සිනාමා නිර්මාණයෙහි, සුපුරුදු පරිදිම ප්‍රධාන රංගන දායකත්වය සපයනු ලබන්නේ, දකුණු ඉන්දීය සිනමාවේ සුපිරි තාරකාව යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන්නාවූ Suriya විසිනි. මේ වතාවේ ඊට අමතරව, Anushka Shetty සහ Shruti Haasan විසින් උප ප්‍රධාන චරිත සඳහා සිය රංගන දායකත්වය සපයනු ලබනවා. තිරගතවීම ආරම්භවූ දිනයේ පටන්ම, ලොව වටා සුවහසක් සිනමා ලෝලීන් විසින් උමතුවකින් මෙන් වැළඳ ගත්තාවූ, දොරේ සිංහම්ගේ වික්‍රමාන්විත චාරිකාව පදනම් කරගනිමින්, Imdb දර්ශකයේ 7.4 ක අගයකින් ඔපමට්ටම්වූ මෙම ක්‍රියාදාම චිත්‍රපටය, මේ වනවිටත් ඉන්දියානු රුපියල් බිලියන 1.1 ක බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවකින් සවිබල ගැන්වී අවසානයි.
චිත්‍රපටය තුල සංගීත අධ්‍යක්ෂණය කරනු ලබන්නේ, Yennai Arindhaal (2015)Anegan (2015),Iru Mugan (2016) ආදී ජනප්‍රිය චිත්‍රපට රාශියක් සඳහා සංගීත අධ්‍යක්ෂණයෙන් දායකවූ Harris Jayaraj විසිනි. එමෙන්ම, චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ, Singam (2010) සහ Singam 2(2013) යන චිත්‍රපට අධ්‍යක්ෂණය කරන ලද, Hari විසිනි.
චිත්‍රපටයේ කතාව ගැන කියනවා නම් විශේෂයක් නෑ ගුරුත්වාකර්ෂණ බලය අඩුම ප්‍රදේශය වන දකුණු ඉන්දියාවේ රෑගත කර ඇති නිසා එක් මිනිසෙකුට ගහපුවහම අඩි 20ක් 30ක් විතර උඩ ගිහින් බිම වැටෙනවා. දමිළ ක්‍රියාදාම චිත්‍රපටි ඉස්සර ඉඳන් නරඹපු අයට නම් මෙය විශේෂත්වයක් නෑ. නමුත් අලුතෙන් නරඹන අයට නම් මෙය විශේෂත්වයක් වේ. එසේනම්, වහා වහා සූදානම් වෙන්න. සිංහයා, සිය තුන්වන දඩයම ආරම්භ කළා. ඔහුත් සමගින් ඔහුගේ වීර චාරිකාවේ, පුරා හෝරා දෙක හමාරක් තුරාවට දඩයම් කිරීමට සූදානම් වන්න. සැබවින්ම මෙම සිංහ දඩයම, ඔබට නැවුම්වූ අත්දැකීමක් වනු නොඅනුමානයි.
එහෙනම්, අවසරයි හැමෝගෙන්ම. නැවතත් මෙවැනි වූ චිත්‍රපටයක් තුලින් හමුවන තුරාවට, හැමදෙනාටම ජයවේවා!!!
{මෙම උපසිරැසි මා විසින් බයිස්කොප් සිංහලෙන් අඩවියට පිරි නැමූ මාගේම උපසිරැසි වේ.}

Post a Comment:

Designed By Blogger Templates | Templatelib & Distributed By Blogspot Templates